මට විවාහ යෝජනාවක් ගෙනා කෙනා අකමැති වුණාම පලිගන්න කරපු දේවල් - ශාලිකා එදිරිසිංහ

මුහුණු ‍පොතේ මගේ නමින් පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් මගේ යාළු මිත්‍රයන්ට මම විදියට Chat කරපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මම හිතන්නේ අපේ සහෝදර කලාකරුවන් හුඟ දෙනෙකුට ඒ වගේ අත්දැකීම් තියෙනවා.
ඔය අතර මුහුණු‍පොතේ යහළු වෙසින් ඉන්න සමහරුන්ගේ ක්‍රියා කලාප නිසා නොයෙක් ප්‍රශ්නවලට ලක්වූ අයත් අනන්තවත් ඉන්නවා. මමත් ඔය වගේ යාළුවෙක් නිසා හොඳටෝම බැට කාපු කෙනෙක්.
මෙන්න මේකයි කතාව. Facebook  හරහා අපේ මිතුරු ඇසුරට විවිධාකාර අයගේ ඇරයුම් ලැබෙනවානේ. මේ විදියේ අය අතර වැදගත් පෙනුමක් තියෙන රසිකයන්ව අපිත් Chat කර ගන්නවා. ඔය විදියට එක්තරා තරුණයෙක් මුහුණු ‍පොතින් මට හමුවුණා. ඔහු බොහොම වැදගත් පෙනුමක් තියෙන හොඳ රැකියාවක් කරන කෙනෙක්. මුලදී මිතුරෙක්, රසිකයෙක් විදියට ඛිඩචබ කරලා හිතවත් වූ මේ පුද්ගලයා ඊට පස්සේ මට විවාහ යෝජනාවක් ගෙනාවා.

ඒත් මගේ හිතේ එහෙම අදහසක් තිබුණේම නැහැ. මම යෝජනාවට අකමැති වුණා. ඊට පස්සේ එයා කිව්වා විවාහ යෝජනාවට අකමැති නම් සහෝදරයෝ විදියට ඇසුරු කරමු කියලා. ඒ තැනැත්තගේ තිබුණේ හරි වැදගත් පෙනුමක්. විවාහ යෝජනාව ගෙනාවෙත් හරිම වැදගත් විදියටයි. ඒ හින්දා මම ඒ ගැන වැඩිදුර හිතුවේ නැතුව පුරුදු විදියටම යාළුවෙක් විදියට එයාට කතා කළා.



ඔය අතරේ මගේ යාළුවන්ගෙන් දිගට හරහට ඇමතුම් ලැබෙන්න පටන් ගත්තා. ශාලි ඔයා..... මැරි කරන්න යනවද.....? ඔයා මැරි කරන්න යන බෝයි තමයි ඔය කතාව අපිට කිව්වේ කියලා ඒ අය මට කිව්වා. පස්සේ තමයි මට කාරණේ වැටහුනේ. මේ පුද්ගලයා මගේ friend list   එකේ ඉන්න අයත් එක්ක තමයි මේ විදියට Chat කරලා තියෙන්නේ. මේ සිද්ධිය දැන ගත්තට පස්සේ ඔහු කරන වැඩේ නවත්තන්න කියලා අවවාද දුන්නත් එයා ඒක ගණන් ගත්තේම නැහැ. ඒ නිසා මම එයාව මගේ friend list එකෙන් අයින් කරලා දැම්මා.

ඒත් මේ මනුස්සයා තවත් බරපතළ විදියට ඊට පස්සේ හැසිරෙන්න ගත්තා. අර මුලින් විවාහ යෝජනාව ගෙනාපු වෙලාවේ මම ඒක ප්‍රතික්ෂේප කළාම එයා කිව්වනේ සහෝදරයෙක් විදියට ඇසුරු කරමු කියලා. ඊට පස්සේ එයා මට කෝල් කරලා මොකද කරන්නේ...  කොහෙද ෂූටිං. මොකක්ද ටෙලි නාට්‍යය වගේ දේවල් අහලා මට කතා කළා. ඒ වගේ වෙලාවට මමත් සුහදව එයත් එක්ක කතා කළා. ඒ කතා කරපුවා එයා රෙකෝඩ් කරලා මගේ යාළුවන්ට Chat කරලා ඒ රෙකෝඩ්වල කොටස් යවලා. මං යන එන තැන් කෝල් කරලා කියන්නේ එයා මගේ පෙම්වතා හින්දා වෙන්නැති කියලා මගේ සමහර යාළුවොත් හිතලා. මේ සිදුවීම හින්දා මමත් ලොකු අපහසුතාවකට පත් වුණා.



ඔය අතරේ එක දවසක් ජනප්‍රිය පුද්ගලයන් කීප දෙනෙක් එකවර සහභාගි වන වැඩ සටහනකට මමත් සහභාගි වුණා. රූපවාහිනී නාලිකාවල ‍ජ්‍යොතිෂ වැඩසටහනක් කරන ප්‍රසිද්ධ ‍ජ්‍යොතිෂඥයන් ඒ වැඩසටහනට ඇවිත් හිටියා. මේ පුද්ගලයා ඒ ‍ජ්‍යොතීර්ඥයන් හමුවෙලා අහලා තියෙනවා. මාව හඳුනනවා. මගේ උපන් වෙලාව දන්නවද කියලා.
දිගින් දිගට මේ වගේ දේවල් වෙද්දී මම දෙතුන් වතාවක්  මෙයාට දුරකථනයෙන් කතා කරලා අවවාද කළා.

හොඳින් අවවාද දීලා බැරි තැන තදිනුත් කතා කළා. අපේ අම්මලත් මෙයාට කතා කරලා වහාම මේ වැඩේ නවත්වන්න කිව්වා. ඒත් මෙයා නතරවුණේම නැහැ. අන්තිමට ඒ කරදරෙන් ගැලවෙන්න මම නීතිය ඉදිරියටත් ගියා.

ආරියවංශ කුලතිලක
gossip lanka