සුනඛයෝ නිසා මිනිහෙක් වුණු අරුම පුදුම අයෙකුගේ අතීතාවර්ජනය – (Photos)

අතීතය සුන්දරය. අර්ථවත්ය. අවශ්‍ය නම් ආදර්ශද බොහෝය. වසර 1948 දෙසැම්බර් 10 වැනි දින ඉන්ස්පෙක්ටර් ජෙනරාල් සර් රිචඞ් අලූවිහාරේගේ යෝජනාවකට අනුව ආරම්භ කෙරුණු පොලිස් නිල සුනඛ ඒකකයේ ආරම්භක නිල සුනඛ පුහුණුකරු වන සාජන් හර්බි බර්ටස් මහතා අද විශ‍්‍රාම සුවයෙන් කල් ගෙවයි. වසර 1921 මාර්තු 29 වැනි දින උපන් බර්ටස් මහතා අතීත තොරතුරු එකිනෙක අමුණන්නේ වටිනා මුතු ඇට එකිනෙක ගෙන හැඩකරනා ගෙත්තමක් පරිද්දෙනි.
”ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ හරිම  දගයි. මොනවා හරි වැඩක යෙදෙන්න තමයි අපට ඕනෑ වුණේ. මා එක්කම ළගින් ආශ‍්‍රය කරපු යාළුවෝ හතර දෙනෙක් හිටියා. අපි අවුරුදු දාහත වෙනකොට රස්සාවල් හොයාගෙන ගියා. ඒ කාලේ සුද්දෝ රට පාලනය කළේ. නීති තදයි. ඒ හින්දාම හැමෝම බොහොම හො`දින් ජීවිත ගත කළා. මම මුලින්ම ඉස්කෝලෙ ගියේ දෙමටගොඩ ඊට පස්සේ මරදානේ. -අපි දවසක් ඉස්කෝලේ ඇරිලා රස්සාවක් හොයන්න යනවා කියලා ගියා. ඒ කාලේ පොලිස් නිලධාරින් දැක්කාම ලොකු ගාම්භීරකමක් දැනෙනවා. මට ඕනැ වුණේ පොලිසියට බැෙ`දන්න. මම කෙළින්ම ගියා පොලිසියට. ගිහින් කිව්වා මට ආසයි පොලිසියට බැෙ`දන්න කියලා. කොටුවේ පොලිසියට ගිහාම , එතනදි මගේ වයස අම්මා තාත්තා කවුද හැම විස්තරයක්ම අහලා පොතක ලියා ගත්තා. එතකොට මගේ වයස අවුරුදු දහහතයි. ”දැන් තමුන්ගේ වයස අවුරුදු දාහතයි. තවම රස්සාවක් කරන්න වයස මදි. හරි වයස එනකොට අපි කතා කරන්නම්. දැන් ගෙදර යන්න” කියලා පොලිස් මහත්තුරු මාව ගෙදර යැව්වා.

හැබැයි හරියටම වයස අවුරුදු දහ අට සම්පූර්ණ වෙලා ඉන්නකොට පොලිසියෙන් මාව හොයාගෙන ඇවිත් ”ඔන්න දැන් තමුන්ට පුළුවන් පොලිසියට බැෙ`දන්න. දැන් ඕනැම වෙලාවක පොලිසියට ඇවිත් පුහුණුවට එක්වෙන්න” කියලා දවසක් පොලිසියෙන් ගෙදරට ඇවිත් කියලා ගියා. එතකොට අපි හිටියේ, දෙමටගොඩ රේල්වේ බංග්ලෝ එකක. ඒක මහා විශාල බංගලාවක්. එක කාමරයක් ගෙයක් විතර ඇති. මගේ තාත්තා ලූලා බර්ටස් . වැඩකළේ රේල්ලූවේ. පරිපාලන නිලධාරියෙක් විදිහට. අම්මා එමා බර්ටස්. රස්සාවක් කළේ නැහැ. මට සහෝදර සහෝදරියෝ අට දෙනෙක් හිටියා. එදා මම පොලිසියට බැෙ`දන්න යනවා කියලා අම්මා තාත්තා දැනගෙන හිටියෙත් නැහැ. පොලිසියට ගියා කියලා දොස් කියයි කියලා හිතුවාට අම්මා තාත්තා එහෙම දොස් කිව්වෙත් නැහැ.

 අපි පස්සේ කාලේ රොස්මිඞ් ප්ලේස්වල ගෙයක් අරන් ගියා. අපේ ගෙදරට ඉස්සරහා ගෙදර හිටියේ ඔස්ට්රේලියාවේ එම්බෙසිඩර්. අම්මා කොහොමහරි කතා කරලා ඔස්ට්රේලියාවේ පදිංචියට යන්න ලෑස්ති වුණා. මායි එක මල්ලි කෙනෙකුයි යන්න බෑ කිව්වා. අම්මා රොස්මිඞ්වල ගේ ඒ කාලේ විකිණුවේ රුපියල් හැත්තෑපන්දාහකට. මගේ කොටස රුපියල් පන්සියයක් මට ලැබුණා.

කොහොමහරි මම පොලිසියට බැ`දුනේ 1948 ජූනි මාසේ. ලංකාව නිදහස ලබලා මාස පහයි. පොලිස් සාජන් කෙනෙක් වෙන්න මාස හයක පුහුණුවක් ලැබුවා. පුහුණුව අවසන් වෙලා ඉද්දි සර් රිචඞ් අලූවිහාරේ දවසක් උදේ රැුස්වීමට ආවා. එයා තමයි ලංකාවේ පළමුවැනි සිංහල අයි ජී. පී. සර් අලූවිහාරේ ඇවිත් කිව්වා ”දැන් පොලිසියට බල්ලෝ ඕනැ කරලා තියෙනවා. බල්ලෝ පුහුණු කරන්න ඉංග්රිසි කතා කරන්න පුළුවන් මේ වැඬේට කැමති අය ඉන්නවා නම් අත උස්සන්න” කියලා. අලූත් වැඩක් නිසා මට ආසා හිතුනා. මම අත ඉස්සුවා. නොවැම්බර් ඉ`දලා මාස තුනක් කටුනායක එයාර්පෝර්ට් එකේ පුහුණුයක් තිබුණා. සුද්දෝ බල්ලෝ අරන් ඇවිත් අපට බල්ලෝ පුහුණු කරන හැටි කියා දුන්නා. පුහුණුව අවසන් වෙලා අපි හතර දෙනා වැල්ලවත්ත පොලිසියට දැම්මා. ඒ කාලේ වැල්ලවත්තේ ඕ.අයි.සී හිටියේ ඕ.එන්. ඕ ෂොක්මන්. මෙයා සී.අයි කෙනෙක්. එයා බල්ලෝ ගත්තා සල්ලි දීලා. මට ලැබුණේ රෙක්ස් කියන බල්ලා. ආම්ස්ට්රෝන් ට ලැබුණේ ෂීබා. දේවනායගම්ට ලැබුණේ නීරෝ. බල්ලෝ සේරම ඇල්ෂෙන්. අපි බොහොම ආඩම්බරෙන් තමයි බල්ලෝ පුහුණු කළේ.

 රෙක්ස් මං වෙනුවෙන් පණත් දෙයි. බොහොම කීකරු බල්ලෙක්. අපරාධ, මත්ද්‍රව්‍ය වගේ නඩු තුන්සියයකට විතර උවමනා සැකකරුවෝ වරදකරුවෝ හොයන්න රෙක්ස් උදව් කළා. රෙක්ස් මැරුණ දවස මට අද වගේ මතකයි. මට හරිම පාළුයි. මොනවා කරන්නද කියලා කල්පනාවක් නැති තරම් මට දුකක් දැනුනා. රෙක්ස්ගේ භූමදාන කටයුතු මහනුවර නිල සුනඛ කොට්ඨාශයේ බොහොම ගෞරවාන්විතව සිදු කෙරුණා. මොකද එයා පොලිස් නිල සුනඛ රාජකාරියේ යෙදුන කෙනෙක්නේ. රෙක්ස්ට නිලයක් දුන්නා සාජන් රෙක්ස් කියලා. එයාව මිහිදන් කළේ පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ මයි. එතන ගලක් දාලා ගහක් හදලා සිහිවටනයක් එහෙම තිබ්බා . අද නම් ඒවා නෑ මම හිතන්නේ.

ෂොක්මන් මහත්තයා ට ඕන කළා නිල සුනඛ ඒකකය වැල්ලවත්තෙන් අයින් කරන්න. මොකද ඉඩ මදි. එයා නුවර ඇවිත් තැනක් හොයනවා කිව්වා. ඔය අස්ගිරිය හරියේ දැන් කැනල් එක තියෙන තැන ඉස්සර සුද්දගේ කාලේ පිටරට සිරකරුවෝ ර`දවා තිබුණා. පස්සේ ටි‍්‍රනිටි කොලෙජ් ෆාම් එක තිබුණේ. හරක් ගාලකුත් තිබුණා. සුද්දා කැමති වුණා. මෙතන පොලිසියට දෙන්න. අපි බල්ලො ටිකත් අරන් ඇවිත් මෙතන සුද්ද කරගෙන හිටියා. මෙතන ඉ`දන් අපි රටේ හැමතැනම ඇවිද්දා. අන්න අතන පිහියෙන් ඇනලා, තව තැනක ගෙයක් බි`දලා වගේ කියද්දි අපි බල්ලෝ අරන් යනවා.

හැමදාම උදේට කෑම දෙනවා. පීරනවා. පුහුණු කරනවා. හවසට බල්ලන්ට පුරුදු කරන්නේ කියන දේ අහන්න ඕනෑ විදිහ.

විදේශ සංචාර ස`දහා විදෙස් ජන නායකයෝ එනකොට ඔවුන්ගේ ආරක්ෂාවට අපි බල්ලොත් අරගෙන යනවා. ඔය කාලේ තමයි, බි‍්‍රතාන්‍ය මහ රැජින ලංකාවට ආවේ. මම රෙක්ස් එක්ක රැජිනගේ ළගින්ම හිටියා. රැුජිණ ගේ ආරක්ෂාවට බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශවලට වඩා මගේ රෙක්ස් බලවත් වෙලා හිටියා. රෙක්ස් තරම් හො`ද සතෙක් මට ආයේ ලැබුණේ නැහැ. එයාට පස්සේ තව බල්ලො දෙන්නෙක් මට පුහුණු කරන්න ලැබුණා. ඒත් අර තරම් නම් කීකරු නැහැ.

ඉස්සර ගොඩක් තිබුණේ කසිප්පු පෙරණ අය අල්ලන්න. මට මතකයි අපි කසිප්පුකාරයෝ අල්ලන්න නිට්ටඹුවේ ගියා. සූදු කාරයෝ අල්ලන්න ගියා. ඒ අය දුවනවානේ. රෙක්ස් ගිහින් ඇදගෙන එනවා. බිම පෙරළනවා. මම ”නෝ” කිව්වෙ නැති නම් හපනවා.

පොලිසියෙන් අයින් වෙනකල්ම මම ගෙදර බල්ලෙක් හැදුවේ නැහැ. අපට ගෙදර බල්ලෙක් හදන්නත් තහනම්. මොකද එකක් තවත් සතෙක් ගේ ඉව දැනුනාම නිල සුනඛයා ඒ කියන්නේ අපි රාජකාරියට පුහුණු කරන බල්ලා දන්නවා ස්වාමියා තවත් කෙනෙකුට ආදරය කරනවා කියලා. එතකොට එයා දුකෙන් ඉන්නේ හරියට රාජකාරිය කරන්නෙ නැහැ. අනෙක් කාරණය නිල සුනඛ කොට්ඨාශයේ තියෙන සත්තුන්ගේ කෑම බීම බෙහෙත් ගෙවල්වලට ගෙනියන්න ඉඩ තියෙනවානේ. ඒ නිසා පොලිසියෙන් නිල වශයෙන් අපට තහනම් ගෙදර සත්තු ඇති කරන්න.

මම 1967 එංගලන්තේ ගියා පුහුණුවකට. එහෙ පොලිස් නිල සුනඛ පුහුණුව පටන් ගත්තේ 1950දි. මම ගිය පොලිසියෙදි සුද්දා මට කිව්වා ”තමුන් ගේ රටේ අපටත් කලින් බල්ලො පුහුණු කළේ. මේ වෙනකොට අවුරුදු විස්සකටත් ළඟයි, තව මොනවා ඉගෙන ගන්නද අපේ අය කරන දේ බලා ගෙන ඉ`දලා අපටත් කියා දෙන්න” කියලා ඉ`දගන්න පුටුවක් දුන්නා. ඒත් ඒ අය නිතරම පර්යේෂණ කරනවා. දවසින් දවස අලූත් දෙයක් හොයාගන්න උත්සාහ කරනවා. අපේ ලංකාවේ මිනිස්සු දුර්වල වෙන්නේ අන්න එතනදි තමයි. අපි දෙයක් මොන තරම් කලින් පටන් ගත්තත් ආයේ පර්යේෂණ කිරිල්ලක් නැහැ. ඔහේ ඉන්නවා.

මම ප‍්‍රංශයට ඉතාලියට ගියා ස්කොට්ලන්ඞ් ගියා තවත් රටවල් රැුසකට ගියා. රෝමයට ගියා . එතකොට රෝමයේ බල්ලො පුහුණු කරන්න පටන් ගත්තා විතරයි. ඒ අයත් මට කිව්වේ කරන දේ බලන් ඉ`දලා ඒ අයටත් කියා දෙන්න කියලා. ඊළ`ගට මම ජර්මනියේ ගියා. බර්ලින්වලදි අපට හො`ද පුහුණුවක් දුන්නා මත්ද්‍රව්‍ය හොයන ක‍්‍රම, මිනියක් රහසේ වළලලා තියෙනවා නම් හොයා ගන්න ක‍්‍රමය වගේ බොහොම වැදගත් කාරණා එහෙදි කියා දුන්නා.

පස්සේ මම ලංකාවට ආවම මාව නිල සුනඛ කොට්ඨාශයේ ස්ථානාධිපති කළා. ඔන්න දැන් මම ඕ.අයි.සී. එස්. අයි. වුණා.

මේ කාලේ අපි බල්ලෝ පුහුණු කිරීමේ කටයුතු බොහොම පිළිවෙළකට කෙරුණා. 1970 විතර වෙද්දි දිවයින පුරා පළාත් කිහිපයකට වෙනම නිල සුනඛ කොට්ඨාශ අලූතින් පටන් ගන්න පුළුවන් වුණා.

ඒ දවස්වල රටවල් රැුසක මේ සේවාව ආරම්භ කරන්නත් සැලසුම් කරලා තිබුණා. මටත් ඕමාන් රටෙන් ලිපියක් එවා තිබුණා සුනඛයින් පුහුණු කිරීමට පැමිණෙන්න කියා. ඒ ලිපිය එවා තිබුණේ , මගේ කාර්යාලයට. මම ලිපිය ලාච්චුවට දැම්මා ඒ ගැන වැඩිය හිතුවෙත් නැහැ. ඒ වෙද්දි මම වසර තිස්දෙකක් පමණ සේවා කාලයක් සපුරා තිබුණා. ආයේ මොනවට මහන්සි වෙනවාද කියලා මම කල්පනා කළා. ඔය කාලේ වෙනකොට මට ළමයි හය දෙනෙකුත් ඉන්නවා. ඇන්ජලා ආම්ස්ට්රෝන් කියන්නේ මගේ බිරි`ද. එයාව මුණගැසුනේ, මම මහනුවරට මාරුවෙලා ආපු මුල් කාලේ. ඇන්ජලාගේ තාත්තා වතු අයිතිකාරයෙක්. අම්මා ගෙදර . මා එක්ක යාළු වෙලා ඉන්නවාට ඒ අය කැමති වුණේම නැහැ. පුදුම සටනක් කරලා තමයි ඇන්ජලාව මම කසාද බැන්දේ. කොහොම හරි අපි බොහොම අමාරුවෙන් සටන දිනුවා. දැන් අර ලියුම ලාච්චුවේ දාලානේ ආවේ. දවසක් දෙකක් ගියාට පස්සේ මගේ ලොකු පුතා ට මම කිව්වා ඕමාන් රටෙන් මට කතා කරලා ලියුමක් එව්වා, මට දැන් ආයේ මොන රස්සාවල්ද නේද කියලා මම කිව්වා. ලොකු පුතා ඇහුවා ලියුම කෝ කියලා. එයා ඒ ගමන් මට හො`දටම දොස් කිව්වා. හෙටම ඕමානයට කතා කරලා, පඩිය කීයක් දෙනවාද කියලා අහන්න කිව්වා. මම පහුවදා ඇහුවා. ඒ අය කිව්වා පඩිය රුපියල් ලක්ෂයයි. ඉන්න ගෙදරයි, වැඩට සේවකයොයි, වාහන පෙට්ට‍්‍රල් දෙනවා කියලා. ඔය වෙද්දි ලංකාවේ මගේ පඩිය රුපියල් පන්දාහයි. ලොකු පුතා ඔන්න එදා රෑත් කෑ  ගහනවා. මේ තරම් පළපුරුද්දක් තියාගෙන තාත්තා මොකටද මහන්සි වෙන්නේ. හෙටම එන්න කැමතියි කියන්න කියලා. ඒත් මම භාරගත්ත වැඩ ගොඩක් තිබුණ නිසා මම ඕමාන්වලට කතා කරලා කිව්වා මම කැමතියි ඒත් මට ටිකක් කල් ඕනි කියලා. එයාලත් බැලූවේ මාව පහුවදාම ගෙන්වා ගන්න.

ලංකාවේ පොලිසියෙන් මට විශ‍්‍රාම යන කාලය නිම වෙලා තිබුණත් විශ‍්‍රාම යන්න ඉඩ දුන්නේ නැහැ. ඒ දවස්වල නුවර හිටපු ඞී. අයි. ජී. මගේ ලියුම් භාරගත්තේ වත් නැහැ. ඒ නිසා මම කොළඹට ලිව්වා. රුද්රා රණසිංහ මුණගැහුනා. එයා අයි.පීට කතා කළා. කොහොම හරි විශ‍්‍රාම යන්න පුළුවන් වුණා.

මම ගිහින් ටික කාලෙකින් ඇන්ජලාවත් ගෙන්වා ගත්තා. අපි දෙන්නා හරි සතුටින් එහේ හිටියා. ඒ රටේ පොලිසිය අපේ දැනුමට හු`ගක් ගෞරව කළා. හො`දට සැලකුවා. ඒ රටේ මිනිස්සු බල්ලන්ට කැමති නැහැ. උන් ලෙවකනවාට, දැවටෙනවාට, කැමතිම නැහැ. ඒ නිසා මට බල්ලෝ පුහුණු කරද්දි ඒ ගැනත් සැලකිලිමත් වෙන්න වුණා. ඕමාන්වල පුහුණු කරුවෝ පනස්දෙනෙක් පුහුණු කරන්න මට පුළුවන් වුණා. එහෙ Police cannal unit එක බොහොම හො`ද තැනකට ගේන්න මට පුළුවන් වුණා. ඕමාන් රජ්ජුරුවෝ මට පදක්කමක් දුන්නා මම හො`දින් සේවය කළා කියලා.

වසර 1990 දි මම ලංකාවට ආවා. අපි නුවර පිටකන්ද පාරේ ගෙයක් හැදුවා. උදේට කැනල් එකේ බල්ලෝ බුරන සද්දේ එහාට ඇහෙනවා. මගේ හිතට විතරක් නෙවෙයි ඇගටත් හරිම අමාරුයි එතකොට නම්. ඒත් කරන්න දෙයක් නැහැ. විශ‍්‍රාම සුවය විදින්නත් එපායෑ. අපි ඊට පස්සේ ගෙදර බල්ලෙක් හැදුවා.

තරුණ කාලේ මම හො`ද ශක්තිවන්ත පිරිමියෙක්. ඒකාලේ දුවලා පැනලා කරපු දේවල් දැන් මතක් කර කර සතුටු වෙනවා. ඇන්ජලා මාව දාලා කලින්ම යන්න ගියා.

ඔහොම තමයි ජීවිතේ .....”

 දිවයින