ඇඳගෙන ඉන්න බැරිනම් අපහසුවෙන් ඉන්නවා නම් කොච්චර පැෂන් කළත් වැඩක් නෑ - සදනි ප‍්‍රනාන්දු

ෆැෂන් ගැන මොකද හිතන්නේ ?

 මම ලොකුවට ෆැෂන් කරන කෙනෙක් නෙමෙයි. ගොඩක් සිම්පල් විදියට අඳින්න කැමැතියි.

 ෆැෂන් කියන්නේ කලාවක් කිව්වොත්?

 ඔව්. ෆැෂන් කියන්නේ කලාවක්.

කාන්තාවක් ෆැෂන් කරන්න ඕනෑ කොහොමද?

ෆැෂන් කරන්න ඕනෑ තමන් කැමැති තමන්ට ගැළපෙන විදිහටයි.

ෆැෂන් කරද්දි කවුරුහරි අනුකරණය කරනවාද?

දැනටනම් එහෙම නැහැ. මම බලන්නේ මට පහසු විදිහට අඳින්න තමයි. ඒ නිසා මම කවුරුවත් අනුකරණය කරන්නේ නැහැ.

 පුරුද්දක් විදිහට සැලෝන් යනවාද?

 මම හුඟක්ම සැලෝන් යන්නේ හෙයාර් ටී‍්‍රට්මන්ට් වලට තමයි. පුරුද්දක් විදිහට යනවා අඩුයි.

 කැමැතිම hair style එක කිව්වොත් ?

 ඇත්තටම මගේ කොණ්ඩෙත් එක්ක style කරන්න බැහැ. මම හුඟාක්ම කොණ්ඬේ කඩාගෙන යන්න තමයි කැමැති.

ෆැෂන් කරද්දි දිග කොණ්ඬේද ලස්සන කොට කොණ්ඩයද?

 ඒක එක එක්කෙනාට ගැළපෙන විදිහට තමයි ඉතිං. මම නම් ඉතිං කොණ්ඬේ කපන්නේ නැහැ. මම කැමැතිම මගේ කොණ්ඩයට.

 ඔරලෝසු පළදිනවාද?

 නැහැ. පුරුද්දක් විදියට බදින්නේ නැහැ.

මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ ෆැෂන් එකටද අවශ්‍යතාවන් වලටද?

 මොබයිල් එකක් පාවිච්චි කරන්නේ ඇත්තටම අවශ්‍යතාවන් වලටයි.

 hand bag එකත් වැදගත් නේද?sadani5

 අවශ්‍යම තැනට මම අරගෙන යනවා. ඒත් hand bag එක අරගෙන යන්න නැත්තම් මම කැමැතියි.

 ෆැෂන් කරන්නේ ෂොපින් කරලද? නැත්තම් ඉන්ටර්නෙට් එකෙන් ද?

 මම හුඟක්ම ෆැෂන් කරන්නේ ෂොපින් කරලා තමයි. මම ෂොපින් කරද්දි මට ගැළපෙන ඉස්සෙල්ලාම හොදයි කියලා හිතෙන එක ගන්න කැමැති කෙනෙක්. ගොඩක් වෙලා අරං ෂොපින් කරන්නේ නැහැ. ඔන්ලයින් මම කොහාමත් ගන්නේ නැහැ.

 සෙරෙප්පු වලට තියෙන්නේ මොනව ගේ කැමැත්තක්ද?

 මම කැමැති සැනඞ්ල්ස්වලට. මට කම්ලිකේටට් ෂූ එකක් දැම්මාම ඇත්තටම කරදරයි. ඒ නිසා හැම වෙලාවෙම පහසු සෙරෙප්පු තමයි දාන්න බලන්නේ.

 සාමාන්‍ය ගමනක් යද්දි අදින්න කැමැතිම ඇදුමක් තියෙනවාද?

 ටී ෂර්ට් එකක් සහ දිග කලිසමක් වගේ තමයි කැමැතියි. ඩෙනිම්ස් සහ සායක් ඇඳෙනවා අඩුයි.

 wedding එකකට යද්දී අඳින්න කැමැති මොන ඇදුමක්ද?

 මම වැඩියෙන්ම කැමැති සාරි එකක් අඳින්න. ඒත් තවම ඇඳලා නැහැ. මොකද හදිස්සියේ තමයි ඒවගේ දේවල් වලට යන්නේ.

 ජුවලරිස් ගැන තියෙන්නේ කොහොම උනන්දුවක්ද?

 ඇත්තටම මම ජුවලරිස් පාවිච්චි කරන්නේම නැහැ. shoot එකකට වගේ පළදින්න උනොත් පළදිනවා.

 ෆැෂන් කරද්දි Gym යන්නම ඕනෑද?

 Gym යන්නම ඕනෑ කියලා අවශ්‍යතාවක් නැහැ. තමන්ට ඕනෑ කියලා මම මහතයි කියලා දැනෙනවානම් යන්න ඕනෑ නැත්තම් යන්න ඕනෑ නැහැ.

 විලාසිතා කරද්දී වැඩියෙන්ම මැච් කරන්නේ මොන පාටද?

 ලයිට් කලර්ස් තමයි කැමැති.

 ෆැෂන් කරද්දී ශරීර වර්ණය කෙරෙහි සැලකිලිමත් වෙන්නම ඕනෑද?

 එහෙම එකක් නැහැ. තමන් ගේ ශරීරයට ගැළපෙන විදියට තමයි හැමදේම තෝරගන්න ඕනෑ.

 ෆැෂන් කරන්න ගිහින් අමාරුවේ වැටිලා නැද්ද?

 දැනටනම් නැහැ.

හෙයාර් කලර් කරන්න කැමැති නැද්ද?

මම නම් කැමැති නැහැ. මගේ කොණ්ඬේ කලර් කරනවාට ගොඩක් දෙනෙක් කැමැති නැහැ. කලර් කරලා කොණ්ඬේ ඩැමේජ් වෙනවා කියලා මම අහලා තියෙනවා.

 ලස්සන කොණ්ඩයක් පවත්වාගන්න මොනවාද කරන ටී‍්‍රට්මන්ට්?

 ගෙදරදීම මම හොද ඔයිල් එකක් හදාගෙන කොණ්ඩයට දානවා.

 දිගට අඳින්නද කැමැති කොටට අඳින්නද කැමැති?

 ඒක අපි යන කාර්්‍යය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මම දිගටත් නැතිව කොටටත් නැතිව අඳින්න කැමැතියි.

 ෆැෂන් කරද්දි බලන්නේ පහසුවද සරළකමද?

 ඇත්තටම මම බලන්නේ පහසුව. අපට ඇඳගෙන ඉන්න බැහැනම්, අපහසුවෙන් ඉන්නවනම් මොකද කොච්චර ෆැෂන් කළත් වැඩක් නැහැ.

 Gym යන එකද හොද කෑම පාලනයද හොද?

 කෑම පාලනය කරන ගමන් Gym යන එක හොදයි.


 නදීමාලි ආරියරත්න