මිලියන ගණන් වටිනා පිරිකර පූජා කළ සමන්තබද්‍ර හිමියන්ගේ උපන්දිනය - (photos)

කාලයෙන් කාලයට පුවත් මවන සමන්තබද්‍ර හිමියන් මෙවර සිය ජන්ම දිනය සමරමින් පසුගිය (24) සාදයක් පවත්වා තිබෙනවා.

එම උපන්දින සාදයට කෝටි 02ක වටිනාකමින් යුත් Louis Vuitton සහ Fendy යන ලෝ ප්‍රකට සන්නාමයන්ගෙන් යුත් පිරිකර පූජා කර තිබීම කාගේත් පුදුමය දනවන සිදුවීමක් වුණා.

සමන්තබද්‍ර හිමියන් මෙවර සිය 44වන ජන්ම දිනය සමරනු ලැබුවා.

උන්වහන්සේ පසුගිය කාලයේ පවා සිය ජන්මදිනය සමරනු ලැබුවේ ඉතා ඉහළිනුයි.

ඒ නිසාම උන්වහන්සේගේ උපන්දින සැමරුම සෑම වසරකම පාහේ සියලු දෙනාගේ අවධානය දිනාගන්නා සිදුවීමක් වුණා.

මේ සම්බන්ධයෙන් ගායක ඉරාජ් වීරරත්න ද සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.