සජිතුත් රුධිර පරීක්ෂාවට සූදානම් - කොකේන් චෝදනාව එජාපයට නෑ කිව්ව මහලේකම්ටත් රන්ජන් පිළිතුරු දෙයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ද කොකේන් චෝදනාවලින් නිදහස් වීම සඳහා ඉදිරියේදී රුධිර පරීක්ෂාවකට පෙනී සිටිනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

තමන් කොකේන් චෝදනා එල්ල කළ ලැයිස්තුව තවමත් වලංගු බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (27) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පක්ෂ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අදාළ චෝදනා එල්ල කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට නොවන බව කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ ප‍්‍රකශ කළ බවයි. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගෙන් කරුණු විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ "මට අවවාදත් කළේ පක්ෂයක තියෙන සාමූහික වගකීම විනය ආරක්ෂා කරගෙන කතා කරන්න කියලා කිව්වේ. ඒ හින්දයි එතුමා එහෙම කියන්න ඇත්තේ. මගේ ලිස්ට් එක මම ප්‍රකාශ කරලා තියෙනවා.. මම එතනත් ප්‍රකාශ කරන්න අවසර ඉල්ලූවා.. එපා කියලා කිව්වා. එතන JVP TNA හැර අනෙකුත් පක්ෂ ටික ඉන්නවා. " යනුවෙනි.