සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් කීබෝඩ් වාදකයා රෝහල් ගත කරයි

රටම ආදරය කරන සංගීත කණ්ඩායමක් වන සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායටම පසුගිය 12 වනදා යළිත් වතාවක් අම්හිරි අත්දැකීමකට මුහුණදීමට සිදුවුනා.

ඒ ගණේමුල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයේදී ගල් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන්.
එම ප්‍රහාරයෙන් දරුණු ලෙස හිසට සිදුවූ තුවාළ හේතුවෙන් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිල රාගම රෝහලට ඇතුල්කර තිබෙනවා.

එම ප්‍රදේශයේ අයෙකුට සංවිධායකයන් විසින් ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාදීමත් සමඟ එයට උරණ වූ නරඹන්නෙකු විසින් මෙම ගල් ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම පිළිබඳව සඳහන් කරමින් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම ප්‍රකාශ කරන්නේ යළි තම සංගීත කණ්ඩායම සමඟ ගීත ගායනා කිරීමට එවැනි අවස්ථාවක් ලබානොදීමට තීරණය කර ඇති බවයි.

මේ අතර පසුගියදා බණ්ඩාරවෙල ප්‍රදේශයේදීද ප්‍රසංගයේ කාලසීමාව සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදයක් හේතුවෙන් සහරා ෆ්ලෑෂ් වේදිකාවට ප්‍රහාරයක් එල්ලවූවා.

පසුගියදා ගණේමුල්ල ප්‍රදේශයේ සිදුවූ සිදුවීම පිළිබඳව එම කණ්ඩායමේ සාමාජිකයන් පළකලේ මෙවන් අදහසක්.

මේ අතර ප්‍රහාරය එල්ලවීමත් සමඟ තුවාල ලැබූ වාදන ශිල්පියා කිසිවෙකු රෝහල්ගතකිරීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක ඔහු කඩිනමින් රෝහල්ගතකර ඇත්තේ ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු ප්‍රසංගය අතහැර දමා තමන් වෙනුවෙන් රෝහලේ රැඳී සිටීම පිළිබඳව ස්තූතිවන්ත වෙමින් හසිත කෝකිල සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්.