ඉන්දු - පාකිස්ථාන යුද්ධය ඇවිලෙද්දි පාකිස්ථාන හමුදාව අත්අඩංගුවට ගත් ගුවන් නියමුවාට පාකිස්ථාන හමුදාව කළ දේ වීඩියෝවකින් එළියට - (video)

කිස්ථාන ගුවන් හමුදාව විසින් පකිස්ථාන ගුවන් සීමාව තුලදී ඉන්දියානු ජෙට් යානා දෙකකට වෙඩි තබා එය පහතට හෙලීමට කටයුතු කර තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. ඉන්දියානු ගුවන් නියමුවන් දෙදෙනෙක් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර එක් ගුවන් නියෙමුවෙකු තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් සදහන්.
එහිදී එක් ඉන්දියානු ගුවන් නියමුවෙකුගේ දෑස රෙදි කඩකින් බැද දෑත්ද බැද තබා ප්‍රශ්න කරන මොහොතක ඔහු නිර්භීතව " මම කමාන්ඩර් Abhi Nandan. මගේ සේවා අංකය  27981. මම ගුවන් පියාසර නියමුවෙක්, මගේ ආගම හින්දු.."

බව ප්‍රකාශ කර තිබෙනවා. එම අවස්ථාව පටිගත කර තිබෙන අතර එම වීඩියෝව අන්තර්ජාලයේ බොහෝ දෙනෙක් නැරඹු වීඩියෝව බවට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එමෙන්ම ඉන්දියානු ගුවන් නියමුවා නිර්භීත පුද්ගලයෙකු බව විශේෂයෙන්ම ඔවුන් මතක් කර තිබෙනවා. තුවාල ලබා තිබෙන ගුවන් නියමුවා ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන බවත් සදහන්. මේ සිදුවීම සම්බන්ධයෙන් මහජන සම්බන්ධතා පිළිබද මේජර් ජෙනරාල් Asif Ghafoor මාධ්‍යට ප්‍රකාශ කර තිබෙන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.
gossip lanka