ශ්‍රී ලංකාව බොහෝ සෙයින් පීඩා විදින ගැටලුවක් වී තිබෙන්නේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමයි. නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටට විශාල මුදලක් අහිමි කරනවා සේම මෙරට තරුණ ජීවිත දිනෙන් දින බිලි ගනිමින් සිටියි. මෙම නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම අවසන් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ රජය විශාල උත්සාහයක් දරමින් සිටියි.
මෙම නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය ජාවාරම් ඔස්සේ උපයන අසීමිත මුදල හේතුවෙන් ඔවුන්ට විශාල මුදල් බලයක් සහ සමාජ බලයක් හිමිව තිබේ. එම හේතුවෙන් ඔවුන්ව නීතියේ රැහැනට කොටු කරගත්තද සිය මුදල් භාවිතා කරමින් ඉහළ පෙළේ නීතිඥයන්ගේ සේවය ලබා ගනිමින් නීතියේ රැහැනින් ගැලවීමට ඔවුන් සමත් වේ. සිර ගත වුවද මෙම ජාවාරම්කරුවන් සිර ගෙදරදී සැපවත් ජීවිතයක් ගත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩීමට පවතිනා එකම විසඳුම නම් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට වැරදිකරුවන් වී මරණ දඬුවම හිමිව තිබෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ මේ අනුවය.
කෙසේ වෙතත් මරණ දඬුවමෙන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගලවා ගැනීමට රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඉදිරිපත් වී මරණ දඬුවම ක්‍රියාත්මක කරවීමට අකුල් හෙලමින් සිටින බවද ජනපතිවරයා පසුගිය දින ප්‍රකාශ කළේය. මානව හිමිකම් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන මෙලෙසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත් චෝදනා එල්ල වී තිබේ.
මෙවැනි පසුබිමක ජාත්‍යන්තර NGO සංවිධානයක් විසින් ශ්‍රී ලංකාවේ මරණ දඬුවම නවතා දැමීමට පෝස්ටර් ව්‍යාපාරයක් දියත්ව කර තිබේ. බුදුදහමේ ශික්ෂා පද පවා භාවිතා කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් මෙම පෝස්ටර් ව්‍යාපාරය දියත් කර තිබේ.
එම පෝස්ටරය පහතින්,
"බුදු දහමත් ඈදා ගෙන" අපරාධකරුවන් මරණ දඬුවමෙන් බේරන්න ජාත්‍යන්තර NGO සංවිධානයක් සිංහලෙන් පෝස්ටර් ගහයි
2019-02-26T19:34:00-08:00
Gossip Lanka Hot News
slide|