"අපිට සාමයෙන් නිදහසින් ජිවත් වෙන්න ඉඩ දෙන්න, බොරු කියන එක නතර කරන්න.." - මේගන් මාකල් කුමරිය පිටු අටක ලිපියක් ලියා පියාට යවයි

Meghan Markle කියන්නේ දැන් නිළියකට වඩා රජ කුමාරිකාවක්. ඇය දැන් ගැබිනියක්. පසුගියදා ඔහුගේ ආදරණිය සැමියා වන හැරී කුමරු එක්ක ඇය සම්මාන උත්සවයකට සම්බන්ධ වුණා. එහිදී ජනතාව අමතමින් ඇය කියා සිටියේ හැරී තමයි මේ ලෝකේ ඉන්න හොදම තාත්තා කියලා.
මෙය බොහෝ මාධ්‍යවල පළවීමත් එක්ක ඇයගේ විවාහයටවත් නාව පියා වන 74 හැවිරිදි Thomas Markle ඔහුගේ දුක කියා මේගන්ට පිටි හයක ලිපියක් ලියා තිබෙනවා. එහි සදහන්ව තිබෙන්නේ ඔහු හොද පියෙක් වගේම සම්බන්ධතාවය බිද දමන්න එපා සමාව දෙන්න කියලයි. ඒ වගේම රජ කුමරියක් වූ පසුව සියල්ල අමතක කර ජිවත් වෙන්න එපා කියලත් ඔහු ඉල්ලා තිබෙනවා.

ඊට මේගන් ඇයගේ අත් අකුරින්ම පිටු අටක පිළිතුරු ලිපියක් ලියමින් මේගන් කියා තිබෙන්නේ

" ඔබ හැසිරෙන විදිහට දැන් මගේ හිත මිලියන ගණනකට කැඩී අවසන්. ඔබ රූකඩයක් වගේ අවශ්‍ය දේවල් හා අනවශ්‍ය දේවල් කියමින් මගේ හිත වෙනස් කරන්නේ මොන හේතුවකට කියලා මට නම් තේරෙන්නේ නැහැ. මගේ සැමියාට දොස් පවරමින් ඉන්න එපා. අපිට නිදහසේ ජිවත් වෙන්න දැන්වත් ඉඩ දෙන්න. බොරු කියන එක නතර කරන්න. මගෙත් සැමියාගේත් සම්බන්ධය කියමින් මුදල් ගසා කන එක නතර කරන්න. මාධ්‍යවලට ඔබ කතා කර තිබෙන ආකාරය හරිම වැරදියි. මවා පෑම් කරන්න එපා. ඔබ කළ බොරු සියල්ල මට හසු වූ පසුවත් මම නිහඩව හිටියා.." යනුවෙනුයි.

gossip lanka