පෙර පාසල් දරුවන්ට අමානුෂිකව පහර දෙන ආකාරය රහසිගත කැමරාවක සටහන් වූ හැටි

චීන ජාතික 38 හැවිරිදි Zheng Moli, හා 26 හැවිරිදි  Hong Pingping යන ඉතාලි ළදරු පාසලක ඉගැන්වීම් කරන ගුරුවරියන් දෙදෙනෙකු දිනපතා සිසුන්ට පහර දෙන, හිංසා කරන අයුරු රහසිගත කැමරාවක සටහන් වී තිබෙන පුවතක් ඉතාලියෙන් වාර්තා වෙනවා.

වයස අවුරුදු තුනත් හයත් අතර දරුවන් මෙම ළදරු පාසලේ සිටින අතර එහි දරුවන් 40 දෙනෙකු සිටින බවත් සදහන්.
මෙම දරුවන් දගකරන විට, සෙල්ලම් කරන්න වැඩි අවස්තාවක් ගන්න විට එහි සිටින ගුරුවරුන් දෙදෙනා මෙම දරුවන්ට නිරන්තරයෙන්ම පහර දෙන බව සාක්ෂි සහිතව හමුව තිබෙනවා. ඇතැම් දරුවන්ට පා පහරවල් ගසන අතර ළමයින්ගේ අතින් අල්ලා ඇදගෙන යන බවත් සදහන්. ඇතැම් දරුවන් පෙර පාසලට එම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙමාපියන් ඒ ගැන සොයා බලා තිබෙනවා.

එම අවස්ථාවේ දරුවන් දෙමාපියන් දැණුවත් කළ බවත් පසුව රහසිගතව කැමරාවක් සවි කර දින කිහිපයකට පසුව එය බැලීමේදී ගුරුවරුන් දරුවන්ට පහර දෙන බවට තහවුරු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර සිටිනවා. අනතුරුව එම කැමරා සටහන් සහිතව දෙමාපියන් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ගුරුවරියන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.