ජනප්රිය රංගන ශිල්පිනියක් වන විනූ සිරිවර්ධන සුරතල් සතුන්ට අසීමිතව ආදරේ කරන කෙනෙක් .
ඇගේ ජීවිතයේ ලඟන්ම සිටි බ්රව්නි නමැති සුරතලා පසුගිය වසරේ මියගියා.
ඒත් මේ දිනවල විනූගේ ජීවිතේට අලුත් සාමාජිකයෙක් එකතු වෙලා කියලා ආරංචි වෙනවා.
අලුත් සාමාජිකයා වෙන කවුරුත් නෙමෙයි 'Eddi'(එඩ්ඩි) කියන පූසෙක්.
මේ පූසා විනූට පිටරටින් ලැබුණු තෑග්ගක් කියලයි දැනගන්නට ලැබුණේ.
British shortair වර්ගයට අයත් කෙනෙක් වෙන මේ සුරතලා Eddi වෙනුවෙන් විනූ Instagram ගිණුමක් ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
එහි Eddi ගේ ඡායාරූප සහ වීඩියෝ එක් කර තිබෙනවා.
රංගන කටයුතුවලින් කාර්යබහුල වුණත් Eddi වෙනුවෙන් කාලය වෙන් කරන්න විනූ අමතක කරන්නේ නැහැ.
මේ සුරතලා වෙනුවෙන් හදපු Instagram ගිණුමට දිනෙන් දින ඇය ඡායාරූපත් එක් කරනවා.
රංගන ශිල්පිනී විනුගේ ජීවිතය එළියකරන්න පිටරටින් පවුලට එකතුවුනු 'Eddi'ගේ වතගොත මෙන්න - (Photos)
2019-02-12T03:12:00-08:00
Gossip Lanka Hot News