මේ ක්ෂේත්‍රය ගැන විවිධ කටකතා තියෙනවා - දේදුණු වීරසේකර

වෘත්තීය නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන දේදුණු වීරසේකර මේ වනවිට නවක නිරූපණ ශිල්පීන්ට තම දැනුම ලබාදෙමින් කටයුතු කරන ගුරුවරියක්ද වන්නීය.මේ කතාබහ ඇය සමගිනි.

මෝස්තර නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

මම මුලින්ම Modeling Field එකට එන්නේ 2000 අවුරුද්දේ. ඒ Miss Sri Lanka for miss Asia pacific තරගාවලියෙන්.
මම මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් මහතා යටතේ. ඒ වගේම එක්තරා පෞද්ගලික රූපවාහිනි නාළිකාවක විකාශය වූ නිරූපණ වැඩසටහනකට සම්බන්ධ වෙන්නත් මට අවස්ථාව ලැබුණා. මේ වනවිට Events කිහිපයක choreographer කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ඒ වගේම මේ දිනවල catwalk model trainer කෙනෙක් විදිහට නවක නිරූපණ ශිල්පීන් පුහුණු කරනවා.

නිරූපණය ක්ෂේත්‍රයට එන වර්තමාන තරුණ පරපුර ගැන මොකද හිතෙන්නේ?

මේ ක්ෂේත්‍රය ගැන විවිධ කටකතා තියෙනවා. අද වනවිට තරුණ පරපුර මේ ක්ෂේත්‍රයට එන්නේ නිවැරදි අවබෝධයකින්ද කියන කාරණය ප්‍රශ්නයක්. අද තරුණ පරපුරේ බහුතරයක් අය හිතාගෙන ඉන්නේ එක Bridle Shoot එකක් කරපු ගමන් තමන් model කෙනෙක් කියලා. නමුත් නිරූපණය කියන්නේ දවසින් දෙකෙන් ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. මෙවැනි පුද්ගලයන් මේ වෘත්තිය විකෘති කරනවා. ක්ෂේත්‍රය හරිම පහත් තැනකට වැටිලා තියෙන්නේ. ඒ අතළොස්සකගේ ක්‍රියාකලාපය නිසා. මම හිතන්නේ නිරූපණ ශිල්පියෙක් කියන්නේ තමන්ගේ ශරීරය උලුප්පා දක්වමින් එය පෙන්වන කෙනාට නෙවෙයි.

එහෙමනම් නිරූපණ ශිල්පියා කියන කෙනාට අර්ථ කථනයක් දෙන්න පුළුවන්ද?

මම හිතන්නේ නිරූපණ ශිල්පියෙක් කියන්නේ නිර්මාණකරුවෙකුගේ යම්කිසි භාණ්ඩයක් ප්‍රවර්ධනය කරන්න යොදාගන්න තවත් කෙනෙක්.

ලෝකයේ වෙනත් රටවල මේ ක්ෂේත්‍රයට තිබෙන පිළිගැනීම කොහොමද?

ඉහළ පිළිගැනීමක් සහ හොඳ ආදායමක් උපයන්න පුළුවන් වෘත්තියක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. ඒ අයට හොඳ වෘත්තිමය වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ අයට හොඳ පෞරුෂයක් තියෙනවා. මොකද නිරූපණ ශිල්පය කියන්නේ පුද්ගලයකුගේ පෞරුෂයට මුල්තැන දෙන රැකියාවක්.

නදීශාන් ගමගේ