සිතින් පෙම් කළ මියගිය තරුණියගේ මළසිරුර හා අවුරුදු 07ක් ලිංගිකව එක් වූ ආදරවන්තයා

අවංක ආදරය කවදාවත් මැරෙන්නේ නැහැ කියලා කවුරු හරි කිව්වොත් ඒක බොරුවක් කියලා විවාද කරන්න තවත් කෙනෙකුට හැකියාවක් නැහැ කියලයි කියන්නේ.  ඊට කදිම නිදසුනක් ලෙස වෛද්‍ය carl Tanzler නමැති පුද්ගලයා හදුන්වා දෙන්න පුළුවන්. ඔහු නිකම්ම නිකම් පුද්ගලයෙක් නෙමෙයි. ආදරේ නිසා ලෝකයම හදුනාගත් අපුරූ මනුස්සයෙක්. ඔහු උපන්නේ 1877 පෙබරවාරි 8 ජර්මනියේ Dresden හිදී. ඔහු විකිරණ ශිල්පියෙක්.
සේවය කළේ ජර්මනියේ රෝහලක. මොහු බිරිද වූ  Doris Anna Shafe ට  බොහෝසෙයින් ආදරය කළා. ඔවුන් එකට සතුටින් ජිවත් වෙනවා. ඔහුට දියණියන් දෙදෙනෙක් හිටියා. ඒ Clarista Tanzler, Ayesha Tanzler යන අය. දියණියන් දෙදෙනා හා බිරිද හදිසි අනතුරකින් මිය යනවා. ඒ 1920.

ඔහු ඉන් අනතුරුව ජිවත් වෙන්නේ ජීවිතය හැර දැමු පුද්ගලයෙක් විදිහට. ඒ නිසාම පදිංචි ප්‍රදේශය අතහැර එවකටම ඔහු ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට යනවා. ඔහුට ෆ්ලොරිඩාහි පිහිටි  Marine නමැති රෝහලේ විකිරණ අංශය භාරව සේවය කරන්න අවස්ථාව හිමි වෙනවා.  ඔහු එම ප්‍රදේශයෙන් ඉවත්ව යන්නේ ඔහුගේ නමත් වෙනස් කරගෙන. එතැන් පටන් ඔහු Carl von Cosel නමින් පෙනී සිටින්නේ.

මේ අපුරූ මනුෂ්‍යයාගේ හිත එතැනදී වෙනස් වෙනවා. ඒ වර්ෂ 1930 අප්‍රේල් 20 වැනිදා. රෝහලට එන රූමතියකගේ ලස්සනට මොහු පෙරේත වෙනවා කිව්වොත් හරි. ඇයව දුටු මොහොතේම ඔහුගේ හිතේ ඇය ගැන අපරිමිත ආදරයක් උපදිනවා. ඒ ආදරේ තරම කොතරම්ද කිව්වොත් ඔහු රහසින්ම ඒ මොහොතේම ඇයට පෙම් කරනවා. ඇය නමින්  Maria Elena Milagro de Hoyos. ඇය උපන්නේ වර්ෂ 1909දී. කියුබානු සම්බවයක් ඇති ඇමරිකානු ජාතික යුවතියක්.

ඇය රෝහලට යන්නේ ක්‍ෂය රෝගයට ප්‍රතිකාර ලබන්න. වර්ෂ 1931 ඔක්තෝම්බර් 22 දා ඔහුට ආරංචි වෙනවා ඇයට අසාධ්‍ය බව. ඔහුට කිසිම දැනුමක් ක්‍ෂය රෝගය  ගැන නොතිබ්බත් ඇයට ප්‍රතිකාර කරන්න කියා ඖෂධ කිහිපයක් හා අවශ්‍ය උපකරණ කිහිපයක් මල්ලක දමාගෙන ඇයගේ නිවසට යන්නේ දෙමාපියන්ගේ කැමැත්ත මත. ඒ වනවිට ඇය හෝ ඇයගේ දෙමාපියන් දන්නේ නැහැ තමන්ගේ රූමත් දියණියට ඔහු පෙම් කරන බව. ඒ මොහොතේ දැඩිලෙස රෝගීවී අසාධ්‍යව  සිටි මරීනාට ඔහු ප්‍රතිකාර කරනවා. නමුත් ඇය ඔහු ඉදිරියේම හුස්ම ටික අවසන් කරනවා. ඔහු මිය යනවා. එය ඔහුට දරාගන්න අපහසු වෙන්නේ ආදරය කරනවා යැයි ඇයට ප්‍රකාශ කිරීමටත් පෙර මිය යෑමයි. කෙසේ නමුත් ඒ දුක හිත තුල සගවාගෙන ඔහු දෙමාපියන්ගේ කැමැත්ත මත ඇයගේ දේහයේ සියලු කටයුතු සිදු කරනවා. ඇයගේ දේහය තැන්පත් කරන්න වෙනම සොහොන් ගෙයක් නිර්මාණය කළා. 

මේ ආදරවන්තයා මේ සොහොන් ගෙයට හැමදාම රාත්‍රියේ යන්නේ ඇය හා ජිවත් වෙනවා කියා සිතාගෙනයි. රාත්‍රියේ සොහොන් ගෙයි නිදාගෙන පහුවදා නිවසට ගොස් ලෑස්ති වී රෝහලට යෑම පුරුද්දක් කරගත් මොහුට එක රාත්‍රියක අපුරූ අදහසක් එනවා. ඒ ඇයගේ මෘත ශරීරය සොහොනෙන් ගෙන ගෙදර රැගෙන යෑම. කිසිවෙක් පෙනෙන්නට නැති ඒ රාත්‍රියේ ඔහු ඇයගේ සිරුර රැගෙන නිවසට යනවා. ඇද උඩ සිරුර තබා බිදී ගිය අස්ථි යලිත් සකස් කර වීකෘති වූ මුහුණ හා ශරීරය යළිත් සකස් කරනවා. ඇය ජිවත්ව සිටියදී තිබු ලස්සන කළු කෙස් කළඹ මිය යාමෙන් පසුව කපා ඇයගේ මව carl tanzler ට දී තිබුණා. ඔහු එය සුරක්ෂිතව තබා ගත්තා. ඔහු death mask නමැති plaster of paris වර්ගයෙන් ඇයගේ මුහුණ සකසා (ඇස්, කන් නාසය ) ප්ලාස්ටික් ඇස් දෙකක් බද්ධ කර අත් පා සකස් කරනවා. ඇය ජිවත්ව සිටියදී පියයුරු  තිබුනා සේ පියයුරු සකස් කිරීමටත් සමත් වෙනවා. එපමණක් නොව යෝනි මාර්ගයද සකස් කිරීමට මොහු සමත් වෙනවා. සති කිහිපයක් තුළ ඔහු ඇයගේ ශරීරය සකස් කරන අතර ඉවසාගත නොහැකි දුර්ඝන්ධය නැති කිරීමට නිරන්තරයෙන්ම අධික සුවද විලවුන් භාවිතා කර තිබෙනවා. වසර හතක් යනතුරු ඔහු ඇය සමග නිවසේ තම කාමරයේ ජිවත් වෙන මොහු දිනපතා මතින් වල්මත් වී ඇයගේ සිරුර දෙස බලමින් නර්තනයේ යෙදෙන්නටත් කටයුතු කරනවා.

එපමණක් නොව වසර හතක් තිස්සෙම ඔහු ඇය සමග ලිංගිකව එකතු වී ඇති බවත් කියනවා. ඔහුගේ මෙම ක්‍රියාව වසර හතකට සිමා වෙන්නේ ඔහුගේ හැසිරීමේ වෙනසක් ඔහුගේ සහෝදරිය දකින නිසයි, ඔහුගේ හැසිරීම වෙනස් නිසා ඔහු නැති අතරතුර ඇය නිවසට එනවා. ඇයට දකින්නට ලැබෙනවා කාන්තාවක් ඇද උඩ නිදා සිටිනවා. එය මෘත ශරීරයක් බව ඇයට තේරෙන්නට එතරම් වෙලාවක් යන්නේ නැහැ. වහාම ඇය ආරක්ෂක අංශය දැනුවත් කරනවා. මෘත ශරීරයක් අනවසරයෙන් ගොඩ ගෙන ළගතබා ගැනීම හේතුවෙන් ඔහුට නඩු පැවරීමට කටයුතු කරනවා . ඒ වගේම ඔහු මානසික රෝගියෙක් කියා ප්‍රතිකාර හා පරීක්ෂණ සදහා යොමු කරනවා. නමුත් ඔහුට මානසික රෝගයක් නැති බවට තහවුරු වෙනවා. ඒ නිසා ඔහු නිදහස් වෙනවා. ඒ වගේම ඔහු ආදරය කළ මාරියාගේ ශරීරය Dean-Lopez නමැති අවමංගල්‍ය නිවසේ තබා තිබෙනවා.

මුළු ඇමරිකාවම කතා කළ ඒ මළ සිරුර දැකගැනීමට එම අවමංගල්‍ය නිවසට 6800ක පමණ සෙනගක් ආ බවත් කියනවා. ඉන් අනතුරුව දේහය සොහොන් ගෙයි තැන්පත් කරනවා. ඔහු නිවසේ තනිවම ජීවිතය ගෙවන අතර ඇයගේ ආදරය නොමැතිව සොවින් ජිවත් වී 1952 වර්ෂයේ ජුනි 3 වැනිදා තම නිවසේ කාමරයේම මිය යනවා. ඔහු මිය ගිය බව දැනගන්නේ මිය ගොස් මාසයකට පසුවයි. ඔහු මිය යාමට පෙර ඇමරිකානු පුරවැසිභාවය හිමි කරගත් අතර ලෝකයම කතා කළ මනුස්සයෙක් ලෙස ඉතිහාසයට එකතු වුණා .
gossip lanka