ෆෝන් එකේ පාස්වර්ඩ් එක නොදුන් සැමියාට බිරිඳ විසින් පෙට්‍රල් වක්කර ගිණි තබයි - (Photos)

ජංගම දුරකථන වෙනත් සම්බන්ධතා, අනියම් සම්බන්ධතා වැනි හේතුන් මත ඇතැම් අය ජිවිත නැති කරගැනීමට තවත් කෙනෙකුගේ ජිවිත විනාශ කිරීමට උත්සහ කරනවා. මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන. Ilham Cahyani කියන්නේ වයස 25ක කාන්තාවක්. ඇයගේ සැමියා 26 හැවිරිදි Dedi Purnama. මොවුන් ජිවත් වෙන්නේ ඉන්දුනීසියාවේ Nusa Tenggara වල.
ඔහු රැකියාව ලෙස කරන්නේ වහළ නිෂ්පාදනය කරන ආයතනයක. ආයතනයේ රැකියාව කර නිවසට ආ පසු බිරිද ඔහුගේ ජංගම දුරකථනයට රැගෙන තිබෙනවා, ඒ කිසියම් වූ සැකයක් නිරාවරණය කර ගැනීමට.  නමුත් එහි ඇතුළත්වීමට නොහැකි වී තිබෙන්නේ ඊට මුරපදයක් යොදා තිබීම හේතුවෙනුයි.

ජංගම දුරකථනයට දමා ඇති මුරපදය සැමියාගෙන් ඉල්ලා තිබුනාත් එය දීම තරයේ සැමියා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊට උරණ වූ බිරිද ඔහුට ප්‍රෙට්‍රල් වක්කර ලයිටරයක් ශරීරයට විසිකර තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුගේ මුළු ශරීරයම ගිනිගෙන තිබෙන අතර ප්‍රදේශවාසීන්ගේ උදව්වෙන් ඔහුව රෝහල්ගත කර තිබෙනවා. නමුත් දින දෙකකට පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවටයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙන්නේ.
gossip lanka