නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පිරිස් විසින් පැමිණ පවසන දේවල් මල්වතු අස්ගිරි නාහිමිවරුන් පිලි නොගත යුතු බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
මාතෘ භූමිය හොද පැත්තට යන ගමන ඒ ජාතියේ වැඩවලින් වලක්වන්නට ඉඩ නොතබන බවත් කී අමිල හිමියෝ නායක හිමිවරුන්ගේ පදවි තනතුරු කිසිවක් තමනට අදාල නැති බවද කීහ.
නාහිමිවරුන් වහාම පුනරුත්තාපනය වී හරි දේශනා පැවැත්විය යුතු බවත් එසේ නොකරන්නේ නම් නාහිමිවරුන්ගේ නායකත්වය පිලිනොගන්නා බවද උන් වහන්සේ කියා සිටියහ.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමිල හිමියෝ මෙම අදහස් පල කලහ.
'රනිල් ගෙනා ව්‍යවස්ථා යෝජනාව පිලිගනු.. බැරිනම් පුනරුත්පානය වෙනු.. නැතොත් නායකකම බලන්නේ නෑ' - දඹර අමිල හිමි අස්ගිරි-මල්වතු නාහිමිවරුනට තග දමයි
2019-01-15T19:11:00-08:00
Gossip Lanka Hot News
slide|