ශ්රී ලංකා තුන් ඉරියවු ක්රීඩක තිසර පෙරේරා බංග්ලාදේශ ප්රිමියර් ලීග් තරගාවලියේදී සිය සුපුරුදු දස්කම් ප්රදර්ශනය කරමින් පන්දු 26 ක් තුලදී වේගවත් ලකුණු 74ක් ලබා ගනු ලැබුවා. ශ්රී ලංකා පිලේ නවසීලන්ත තරග සංචාරය අවසන් කරමින් බංග්ලාදේශ ප්රිමියර් ලීග් තරගාවලියට එක්වූ තිසර පෙරේරා කොමිලා වික්ටෝරියන්ස් පිල නියෝජනය කරනු ලබනවා.
කොමිලා වික්ටෝරියන්ස් පිල පන්දු ඕවර 13.2 කදී කඩුලු 5 ක් දැවී ගොස් ලකුණු 86ක් ලබා සිටියදී පිටියට පිවිසි තිසර පෙරේරා ගේ වේගවත් ප්රති ප්රහාරය හේතුවෙන් අවසන් පන්දු 40 තුලදී ලකුණු 98ක් රැස් කිරීමට වික්ටෝරියන්ස් පිල සමත් විය. කොමිලා වික්ටෝරියන්ස් පිල සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 184ක් රැස් කරනු ලැබුවා.
මෙහිදී තිසර පෙරේරා හයේ පහරවල් 8 ක් සහ හතරේ පහරවල් 03 ක් එල්ල කරනු ලැබුවා. සිය අර්ධ ශතකය රැස් කර ගැනීමට තිසරට වැය වුයේ පන්දු 20 ක් පමණි.
පිළිතුරු ඉණිම ක්රීඩා කරනු ලැබූ චිතගොං වයිකින්ස් පිළ පන්දු ඕවර 19.4 කදී කඩුලු 6ක් දැවී ලකුණු 186 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කරනු ලැබුවා. වයිකින්ස් පිල වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් පන්දු 41කදී ලකුණු 75ක් රැස් කළා.
තිසරගේ පිත්ත යලි කතා කරයි : පන්දු 20 කදී අර්ධ ශතකයක් රැස් කරයි - (video)
2019-01-13T23:34:00-08:00
Gossip Lanka Hot News
slide|