ලෝකයේම අවධානය ගනිමින් තට්ටු 86කින් පැන සිය දිවි නසාගත් රූමතිය

1947 මැයි 01 වනදා උදෑසන 10 ට පමණ එකපාරට නිව්යෝර්ක් නගරයේ පිහිටි Empire State ගොඩනැගිල්ල අසල සිටි අයට විදුරු කුඩු වන ශබ්දයක් සමග යමක් බිමට වැටුනා සේ ශබ්දයක් ඇසුනා. ශබ්දය ඇසුණු සැනින් අසල සිටි අය කලබල වී සොයන්න ගත්තා ඒ කුමක්ද කියා. කෙනෙක්  කාරයක් මතට වැටී මියගොස් තිබුණා.

ඉතාමත් ලස්සන තරුණියක්  Empire State ගොඩනැගිල්ලේ තට්ටු 86 ක උඩ ඉඳන් බිමට පැන තිබුණේ සියදිවි නසාගැනීමේ බලාපොරොත්තුවෙන්.

ඇයගේ නිසොල්මන් සිරුර වැටී තිබුනේ ගොඩනැගිල්ල අසල නවතා තිබුණු ඇමරිකා එක්සත් ජනපදයට අයිති අලංකාර ලිමොසින් කාර් රථයකටයි. ඇය මියගොස් සිටියේ දෙපා අලංකාර ආකාරයකට එක උඩ එක සිටින සේ තබාගෙන. දෑස් පියාගෙන ඇය අගේ පපුව මත එක අතක් ද අනිත් අත උඩට සිටින ලෙස තබාගෙනයි.

ඇය ඒ ඉරියව්වෙන් සෝෆා එකක් මත තැබුවානම් කිසි සේත්ම ඇය මියගොස් බව කිසිවකුත් සිතන්නේ නැහැ.ඇය සෝෆා එකක නිදහසේ ගිමන් හරිනවා සේ පෙනෙන්නට තිබුණා. ඒ තරම් ම ඇයගේ මළසිරුර එහි වැටී තිබූ ඉරියව්ව අලංකාරයි.

මෙම සිදුවීම නැරඹීමට පැමිණි Robert Wiles නම් පාසල් දරුවකු ඇය මෙලෙස නිසොල්මන්ව මියගොස් සිටින අයුරු තම කැමරා කාචයේ සටහන් කරගත්තා. ඒ ජායාරූපය '' The Most Beautiful Suicide " නමින් මුළු ලොව පුරාම ජනප්‍රිය වුවා.

ඇය මියයන්නට පෙර ලියූ ලිපියක් ඇය ළඟ තිබී පසුව සොයාගත්තා. පහතින් දැක්වෙන්නේ ඇයගේ අවසන් වචන කිහිපයයි.

“I don’t want anyone in or out of my family to see any part of me. Could you destroy my body by cremation? I beg of you and my family don’t have any service for me or remembrance for me. My fiance asked me to marry him in June. I don’t think I would make a good wife for anybody. He is much better off without me. Tell my father, I have too many of my mother’s tendencies''