gossip lanka

අලුත් අවුරුද්දේ ඉතාලියේ ඉපදුනු මුල්ම දරුවන් සිවුදෙනා අතරට ශ්‍රී ලාංකික දරුවෙක් - දෙමාපියන්ට සුභ පතන්න රෝම නගරාධිපතිත් එයි !

2019 නව වසර උදාවත් සමඟ ඉතාලියේ රෝම නගරයේ උපත ලැබූ ප්‍රථම දරුවන් සිවුදෙනාගෙන් එක් අයෙකු ශ‍්‍රී ලාංකික මාපිය යුවළකට උපත ලැබූ දරුවෙකු  බව එරට  මාධ්‍ය සඳහන් කර තිබෙනවා.  2019 නව වසර  උදා වී මිනිත්තු 12 යි තත්පර 10ට රෝමයේ  සාන්ත  පිලිප් නේරි රෝහලේදී  එම දරුවා උපත ලබා තිබෙනවා.

වසර ගණනාවක සිට ඉතාලියේ රෝමයේ  සාන්ත පියෙත්‍රා  ප‍්‍රදේශයේ ජීවත්වන ප‍්‍රසාද් බණ්ඩාර සහ මධුභාෂිණි යාපා යුවළට දාව මෙම දරුවා  ඉපදුණු අතර  ඉතාලියට ගෞරවයක් වශයෙන් දරුවාට ‘ඉතලෝ බණ්ඩාර ‘  ලෙස නම් තබා ඇති බවද සඳහන්.

ශ්‍රී ලංකාවේ හොරණ ප්‍රදේශයේ පදිංචි එම යුවළ සිය රැකියා කටයුතු සඳහා වසර ගණනාවක් තිස්සේ ඉතාලියේ ජීවත්වන බවයි වාර්තා වුනේ.

එසේම එම ශ්‍රී ලාංකික දෙමාපියන්ට සුභ පැතීම සඳහා රෝම නගරාධිපතිනී  වර්ජිනියා රෙජ්ජි මහත්මියද පෙරේදා (01)  උදෑසන එම රෝහලට පැමිණ තිබීම විශේෂත්වයක්.

gossip lanka