පාපන්දු තරඟය අම්මාගේ දෑස්වලින් අන්ධ පුතු දැක්ක හැටි - (Photos)

බොහෝ දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවට වගේම පාපන්දු ක්‍රීඩාවටත් ඇලුම් කරනවා.

Silvia Grecco කියන්නේ බ්‍රසීලයේ ජිවත් වෙන කාන්තාවක්, ඇයත් පාපන්දු ක්‍රීඩාවට බොහෝ සෙයින් ආදරේ කරන කෙනෙක්.
ඒ නිසාම තමන්ගේ අන්ධ පුතත් එක්ක පසුගියදා Sao Paulo හි තිබු තරගයක් නරඹන්න යනවා. එහි විශේෂත්වයක් තිබෙනවා. ඒ විශේෂත්වය කැමරා කාචයට හසුකරගන්න සමත් වෙන්නේ එක්තරා රූපවාහිනී කැමරා ශිල්පියෙකු සිය කැමරාව ප්‍රේක්ෂකාගාරය දෙසට කැමරාව යොමු කරද්දියි.

 12 හැවිරිදි  Nickollas නමැති පුංචි පුතා ප්‍රේක්ෂකාගාරයේ හිටියත් ඔහුට ඇස් පෙනෙන්නේ නැහැ. ඒ නිසා ඔහු ක්‍රීඩාංගනයේ රස විදින්නේ මව කියන විස්තර අනුවයි. මව විටින් විට තම පුතාගේ සිතේ සිතුවිලි මැවෙන පරිදි තරගය විස්තර කරනවා. ඒ අනුව තම ආදරණිය පුතණුවන් අපමණ සතුටක් ලබන බව ඇය මාධ්‍යට කියන්නේ මේ දසුන බ්‍රසීලයේ සියලුම රූපවාහිනී මාධ්‍යවල ප්‍රචාරය වෙමින් ඔවුන්ට ප්‍රතිචාර ලබෙද්දියි.

"පුතාට මම මැච් එකේ වෙන දේවල් මට දැනෙන විදිහට සම්පුර්ණයෙන්ම විස්තර කරලා කියනවා. සමහර වෙලාවට මමත් හැගීම්බර වෙනවා. එයා ගොඩාක් ආදරේ කරන්නේ බ්‍රසීල කණ්ඩායමේ Neymar කියන ක්‍රීඩකයාට. පුතා වාසනාවන්ත වුනා බ්‍රසීල කණ්ඩායම මුණගැසී කතා කරන්න තරම්ම.." එහෙම කියන්නේ ඔහුගේ ආදරණිය මෑණියන්
gossip lanka