බැටළුවන් 20 කගේ දිවි ගැල වූ බ්‍රිතාන්‍ය ගොවියා

සිවලිංගම් වසන්තකුමාර් බ්‍රිතාන්‍යයේ ඩේවොස්‌ ප්‍රදේශයේ ගොවියෙකි. ඔහුගේ ගොවිපලේ සිට බැටළුවන් 20 ක්‌ ඝාතකාගාරය වෙත ගෙන යන අවස්‌ථාවේ ඔහුට කාරුණික සිතුවිලි පහල විය. ඒ මේ අහිංසක බැටළුවන් මස්‌ පිණිස මරන්නේ කුමකටද යන්නයි.
47 වසරක්‌ තිස්‌සේ ගොවියකු ලෙස කටයුතු කළ වසන්ත කුමාර් ඝාතකාගාරය වෙත ගෙන යමින් සිටි බැටළුවන් 20 දෙනා සැතපුම් 200 ක්‌ ඈත පිහිටි සතුන් රැක ගැනීමේ නිවහනට ගෙන ගොස්‌ බාරදුන්නේය.

 මෙලෙස සතුන් රැක ගැනීමේ ආයතනය වෙත භාරදුන් බැටළුවන්ගේ වටිනාකම ස්‌ටර්ලින් පවුම් 9000 ක්‌ වේ.

 බැටළුවන්ගේ දිවි ගලවා ගැනීමට හැකිවීම ගැන තමා සතුටට පත්වන බව පැවසූ වසන්තකුමාර් ශ්‍රී ලංකාවේදී තමා දෙමවුපියන් යටතේ කිරි එකතු කරන්නකු ලෙස කටයුතු කළ බව හෙළි කළේය.
gossip lanka