සරාගී ඇඳුමින් සැරසුනු රූමත් තරුණිය කුඩු වෙළදාමේ - හිරේ ඉන්න එස්. එෆ් ලොක්කාගේ කුඩු ජාවාරම මෙහෙයවන්න අලුත් උපක්‍රමයක්!

සරාගී ඇඳුමින් සැරසී කිසිවෙකුට සැක නොසිතන ආකාරයට හෙරොයින් ජාවාරමේ නිරත වූ රූමත් තරුණියක් පිළිබඳව වාර්තා වේ. සරාගී ඇඳුමින් සැරසුනු ඇය සිය ඩෙනිම් කලිසමේ සාක්‌කු වල හෙරොයින් ග්‍රෑම් පනහක්‌ දමාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ලබාදීම සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙසට පොලීසියට කොටු වී තිබේ.
ඇය විසිහත් හැවිරිදි දෙදරු මවකි. අනුරාධපුර හතරැස්‌වෙල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ. ඇය අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ ඇය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් එක බැගින් අඩංගු පැකට්‌ පනහක්‌ පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

අනුරාධපුර විඡේපුර පණ්‌ඩුකාභය මාවත ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වන සැකකාර කාන්තාවගේ සැමියා ද මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත බන්ධනාගාරගතව සිටින බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

අනුරාධපුර පැනොරාමා සමාජ ශාලාවේ හිමිකරුව සිටි ගිනස්‌ වාර්තාලාභී ප්‍රකට කරාටේ ශුරයෙකු වූ වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන එස්‌. එෆ්. ලොක්‌කා හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තාගේ අනුදැනුම මත ඔහුගේ සහචරයෙකු විසින් වෙනත් පුද්ගලයකුට ලබාදීම සඳහා ඇයට මෙම මත්කුඩු තොගය ලබා දී ඇති බවත් පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළි වී තිබේ.

 ඒ වෙනුවෙන් තමාට මුදලක්‌ ලැබෙන බව සැකකාරිය පොලිසියට පවසා ඇත.