දිනන හැම මුදලක්ම දන් දෙන අපූරු පෝකර් ක්‍රීඩකයා - (Photos)

බුදුදහම සහ දක්ෂ පෝකර් ක්‍රීඩකයෙකු යනු එකිනෙක යා වෙන කාරණා දෙකක් නොවේ. එහෙත්, ස්කොට් වැලේන්බැක් (Scott Wellenbach) සම්බන්ධයෙන් නම් එහි ගැලපීමක් දැකිය හැකියි.

කැනේඩියානු පෝකර් ක්‍රීඩකයෙකු වන ස්කොට්, බහමාස්හි පැවති පෝකර් තරගාවලියකදී තෙවන ස්ථානය හිමි කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් 671,240 ක් ජයග්‍රහණය කළා.
"ප්‍රායෝගිකව බුදුදහම පිළිපදින්නෙක් විදිහට මම ගොඩක් වේලා භාවනාවල නිරත වෙනවා. ඒ නිසයි මට නිදහසක් දැනෙන්නේ" තමන් ජයග්‍රහණය කරන ලද සියලු මුදල් පුණ්‍යායතනවලට පරිත්‍යාග කරන හෙයින් ඔහු "ජනතාවගේ වීරයා" ලෙස හඳුන්වනවා.

"ප්‍රායෝගිකව බුදුදහම පිළිපදින්නෙක් විදිහට මම ගොඩක් වේලා භාවනාවල නිරත වෙනවා. ඒ නිසයි මට නිදහසක් දැනෙන්නේ," ඔහු බීබීසී පුවත් සේවයට පැවසුවා.

ඔහු ආගමික ලාභ නොලබන පුණ්‍යායතනයක් වෙනුවෙන්, ටිබෙට් සහ සංස්කෘත බසින් ලියැවුණු පොත් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන්නෙකු ලෙස ද කටයුතු කරනවා.

තමන්ගේ ජීවිතය පිළිබඳව තෘප්තියක් නොපැවති හෙයින් ඔහු බුදුදහම වැළඳගෙන ඇත්තේ, තරුණ වියේදීමයි.

මේ වන විට 67 හැවිරිදි වියේ පසුවන ඔහු, සෑම දිනක ම පැයක පමණ කාලයක් භාවනාවේ යෙදෙනවා.

ඔහු කුඩා කලදී ම පෝකර් ක්‍රීඩාව ඉගෙනගත් නමුත්, 2010 වසර තෙක් මුදල් ඉපයීම සඳහා ඔහු එහි නිරත වූයේ නැහැ.

ඔහු පළමු වරට පෝකර් ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කළේ 2010 වසරේදීයි, එය ලාස් වේගාස් වෙත නොමිලයේ සංචාරයක් වුණා.

ඔහු බහමාස්හි පැවති ජාත්‍යන්තර පෝකර් තරගාවලියට සහභාගි වී ඇත්තේ, ඉන්ටර්නෙට් මාර්ගයෙන් පැවති පෝකර් තරගාවලියක් ජය ගැනීමෙන් පසුවයි.

බ්‍රහස්පතින්දා (17) වන තුරු ඔහු පෝකර් ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කර තිබූ වැඩි ම ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 72,176 ක්. බහමාස්හිදී දිනාගත් මෙම මුදල ඔහු හඳුන්වන්නේ, "තිත්ත රසයක්" ලෙසයි.

"මට පෝකර් ක්‍රීඩාව සම්බන්ධයෙන් තවත් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා,"

"ඒක ඉතා ම දුෂ්කරයි"

පුද්ගලයින් විශාල පිරිසකගේ මුදල් අහිමි කෙරෙන පෝකර් වැනි ක්‍රීඩාවක ඇති ආචාර ධර්ම කෙරෙහි ඔහු තමන්ගේ සැලකිල්ල යොමු කර තිබෙනවා.

"මම හිත හදා ගන්නේ දිනන මුදල් පුණ්‍යයාතනවලට පරිත්‍යාග කිරීමෙන්," ඔහු තමන් ජයග්‍රහණය කරන මුදල් ඔක්ස්ෆාම් (Oxfam) සහ සීමා මායිම් නැති වෛද්‍යවරු (Doctors Without Borders) ආදී බෞද්ධ පුණ්‍යායතනවලට පරිත්‍යාග කරනවා.

"පෝකර් ක්‍රීඩාව හරහා ඔබේ මනසේ දිව්‍ය ලෝකය සහ අපාය යන දෙක ම සමග ක්‍රියා කරන්න අවස්ථාව හිමි වනවා," ස්කොට් පවසනවා.

-බීබීසී සිංහල-