ජනප්‍රිය නිළිය ලස්සන වෙන්න කළ සැත්කම වැරදී විරූපී වෙයි - (Photos)

බොලිවුඞ් සිනමාවේ ඇති ජනප්‍රියත්වය නිසාම එය වෙත පැමිණෙන සුරූපී තරුණියන් තමන්ට උපතින් හිමිවී ඇති රූපය වෙනස් කර ගනිමින් සරාගී පෙනුමක් එක් කරගැනීම සඳහා නිතැතින්ම විවිධාකාරයේ රූපලාවන්‍ය ශල්‍යකර්ම කිරීමට පෙළඹේනවා.

බොහෝ නිළියන් මුහුණේ අඩුපාඩු සකස් කරගෙන ඇත්තේ එවැනි ශල්‍යකර්ම කිහිපවරක් කිරීමෙනුයි. ඇතැම් අය නාසයේ ඇද” තොල් පෙතිවල මහත” නිකට” කම්මුල්වල පිරුණු බව මෙමගින් සකසා ගෙන තිබෙනවා.


මෑතකදී වාර්තා වූයේ නිළි සරා ඛාන් ඇගේ තොල්වල අඩුපාඩු සකස් කරගැනීම සඳහා කරන ලද ශල්‍යකර්මය විකෘති වී ඇති බවයි. ඇය සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ තොල්පෙති වෙනස් කිරීම නිසා ඇයට සරාගී පෙනුමක් ලැබී ඇති බවයි. නමුත් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ඡායාරූපවලට ඇයට ආදරය කළ පිරිසගෙන ලැබී ඇත්තේ ඍණාත්මක ප්‍රතිචාර බවත් සදහන් වෙනවා, ඇය කියන්නේ ලැබී ඇති ප්‍රතිඵලය පිළිබඳ වඩාත් සතුටු වන බව සහ ඇගේ තොල්වලට කරන ලද ශල්‍යකර්මය කිසිසේත්ම වැරදී නොමැති බවයි.
gossip lanka