මම කියවපු ගණන් හරි..අවුරුදු 40ට අඩු අය බිලියන ගණන් කියවන්න ඉගනගෙන නෑ‘ - මඩ ගහන අයට රෝසි උත්තර දෙයි

තමා ඉදිරිපත් කළ ගණන් නිවැරදි බවත්, අවුරුදු 40ට අඩු පුද්ගලයින් නිවැරදිව බිලියන ගණන් කියවීමට නොදන්නවා බවත් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානයක මහත්මිය පවසනවා.

1994 වසරේ පෙළපොත් වලට විශාල ගණන් කියවීම සම්බන්ධයෙන් සංශෝධනයක් පැමිණි බවද ඇය සඳහන් කළා.
ඊයේ (08) පැවති උත්සව අවස්ථාවකදි ඇය මේ බව සඳහන් කළා.

පසුගියදා 2019 වසර සඳහා කොළඹ මහ නගර සභාවේ අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ ඇය ඉදිරිපත් කළ ගණන් සම්බන්ධයෙන් සමාජයේ විශාල කතාබහක් ඇතිවුණා.

කෙසේ වෙතත් මීට පෙර නගරාධිපතිනියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමේදී සංඛ්‍යා කිහිපයක වැරදීම් සිදුවූ බව තමන් පිළිගන්නා බවයි.

සිංහල භාෂාවෙන් ඒ පිළිබඳ සභාවට දැනුම්දීමට යාමේදී තමන් මෙම ගැටළු සහගත තත්ත්වයට මුහුණ දුන් බව ද නගරාධිපතිනිය සඳහන් කළ අතර මේ පිළිබඳ ඇතැමුන් සමාජ ජාලා ඔස්සේ තමන්ට එරෙහිව මඩ ප‍්‍රචාර ගෙන යන බව නගරාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළා.