මාතර දික්වැල්ල අලුත්පාර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඔහු එම විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිට නිවාඩුව සඳහා සිය නිවසට පැමිණ සිටියදීයි මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ.
23 හැවිරිදි වියේ පසු වූ රොෂාන් ලක්මාල් නම් මෙම සිසුවා හක්මන දෙනගම පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ වලස්ගල ප්‍රදේශයේ තිබූ සාදයක් සඳහා සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
ගම්වැඩුම්හල වංගුව නමැති ස්ථානයේදී මෝටර්රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා.
එහිදී මෝටර් රථයේ බඳකොටස ගසක වැදීමෙන් පසුපස ගමන්කර ඇති මෙම සිසුවා මියයන්නට ඇති බවටයි සැකපලකරන්නේ.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දික්වැල්ල පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
ඉංජිනේරු සිහිනය ජයගන්න මොරටුවට පැමිණි රොෂාන්, සියල්ලන් හඬවමින් නික්ම ගිය හැටි - (video)
2019-01-09T20:20:00-08:00
Gossip Lanka Hot News
slide|