සර්පයෙක් නිසා ජනප්‍රිය ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දුට අත්වුණු අවාසනාවන්ත ඉරණම

රොෂාන් ප්‍රනාන්දු කියන්නේ රටම දන්න ජනප්‍රිය ගායන ශිල්පියෙක්..
ඔහුගේ මියුරු හඬින් රසික හදවතේ ආදරය ඔහු නිබඳවම ලබාගන්නවා..
මේ කියන්න යන්නේ රොෂාන්ගේ ජීවිතේ අමුතුම කතාවක් ගැනයි..
ලෝකයේ විවිධාකාරයේ සත්තු ඉන්නවා. අපි ආසා කරන බොහොම සුන්දර සතුන් වගේම ළං වෙන්නවත් බය, භයානක සත්තුත් මේ අතර ඉන්නවා.
දරුණු සත්තුන්ට මිනිස්සු බයවෙන්න හේතුව ඒ අයගෙන් අනතුරු සිදුවෙන්න පුළුවන් නිසයි.
විෂකුරු සර්පයන් කියන්නේ අපි කොයි කවුරුත් බියක් දක්වන සත්ව කොට්ඨාසයක්.
මොකද විෂකුරු සර්පයන් දෂ්ට කළොත් ජීවිත හානි පවා සිදුවෙනවා. හැබැයි ඔය අතරේ දරුණු හානියන් ඇති නොකරන අහිංසක සර්පයන් කොට්ඨාසයකුත් ලෝකයේ ඉන්නවා.
සත්තු ගැන කතා කරද්දී, මම හුඟක් බය කාටද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් එක පාරටම මගේ මතකයට එන්නේ සර්පයන්.
හැබැයි මම සර්පයන්ට බය උන්ගෙන් සිදුවන හානි ගැන හිතලා ‍නෙවෙයි. සර්පයන් දකිද්දී මට ඇති වෙන්නේ බයකටත් වඩා පිළිකුළක් වගේ හැඟීමක්. ඒක සමස්ත සර්ප වර්ගයා ගැනම මට ඇතිවන ‍පොදු හැඟීමක්. නයි ‍පොළොංගු වගේ විෂකුරු සර්පයන්ට විතරක් ‍නෙවෙයි, විෂ දළ නැති, මිනිසුන්ට හානියක් නොකරන සර්පයන් පවා මට හරිම පිළිකුල්. ඒක කවදා ඇති වූ හැඟීමක්ද කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි ඕනෑම සර්පයෙක් දැකපු හැටියේ මට ඒ පිළිකුළ ඇතිවෙනවා.
සර්පයන් පිළිබඳ තියෙන මේ පිළිකුළ මුසු බිය කොයිතරම් ද කියනවා නම් මට සර්පයෙක් ඇහැට දැක්කත් ඇති.
බැරි වෙලාවත් රූපවාහිනිය නරඹමින් ඉන්න වෙලාවක සර්පයන් සිටින රූප රාමුවක් තිරයේ දිස්වුණොත් රිමෝට් එක ළඟට මගෙ අත යන්නේ ඉබේටමයි. ඒ වෙලාවට මං එක්කෝ ඒ නාලිකාව මාරු කරනවා. නැත්නම් එතනින් වහාම නැගිටලා යනවා.
අපිට ප්‍රසංග සඳහා රටේ විවිධ ප්‍රදේශවලට යන්න සිදුවෙනවා. ඔය විදියට ඈත පළාතකට ගිහින් වාහනේ නතර කළ හැටියේ මම ඒ අවට පරිසරය හොඳින් නිරීක්ෂණය කරනවා. බැරි වෙලාවත් මේ කියන පරිසරය තුළ සර්පයන් ඉන්න පුළුවන් කියලා මට හිතුණොත් මම වාහනෙන් එළියට බහින්නෙවත් නැහැ.
හැබැයි ඉතින් මට මේ වනතුරුම කවදාවත් පිට පළාතකදී සර්පයකු හින්දා අපහසුතාවට පත්වෙන්න සිදුවෙලා නැහැ.
අපි මොකක් හරි දෙයක් ගැන අනවශ්‍ය විදියට සංවේදී වුණොත් ඒ සම්බන්ධ අහිතකර සිදුවීම්වලට මුහුණ දෙන්න සිදුවනවානේ. මොකක්දෝ වාසනාවකට මට සර්පයන් සම්බන්ධව නම් ඒ විදිහේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙලා නැහැ. හැබැයි එහෙම වුණා කියලා සර්පයන් ගැන මගේ තියෙන පිළිකුළ දශමයකින්වත් අඩුවෙලත් නැහැ.
මට මතක හැටියට සර්පයෙක් හින්දා මම දැඩි ලෙස අපහසුතාවට පත්වූ එකම එක අවස්ථාවක් තියෙනවා.
මේ සිද්ධිය වන විට මම 8 වසරේ ඉගෙනුම ලැබුවේ. සිදුවීමට මුහුණ දෙන වෙලාවේ මම හිටියේ අපේ නැන්දලාගේ ගෙදර.
ඔය වෙලාවේ ගෙදර හිටපු කෙනෙක් හිටි හැටියේම “සර්පයෙක් සර්පයෙක්” කියලා කෑ ගැහුවා. වැඩි වෙලාවක් ගියේ නෑ ගෙදර හිටපු හැමෝම කලබල වුණා. ඒ කලබ‍ලේ අතරේ මෙන්න සර්පයා ගේ ඇතුළට රිංගලා. ඇත්තටම ඒ සතා විෂකුරු සර්පයෙක්ද නැත්නම් ගැරඩියෙක් කියලා කියන්නවත් මම හරියටම දන්නේ නැහැ. ගෙදර අය ‍පොලු මුගුරු අරගෙන ඒ මේ අත දුවනවා. හැමෝම ඒ වෙලාවේ කළේ සර්පයා අල්ලා ගන්න උත්සාහ කරන එකයි. ඒ අතරේ මම කළේ මොකද දන්නවද ….?
මම වටපිට බලලා වහලෙට නගින්න පුළුවන් විදියක් හෙව්වා. ඊට පස්සේ ගෙදර වහලෙට නැග ගත්තා.
ගෙදර කලබලය තවමත් එහෙමමයි. ටික වෙලාවකින් හැමෝම නිශ්ශබ්ද වුණා. එක්කෝ ඒ අය සර්පයා අල්ලගන්න ඇති. නැතිනම් ඌ යන්න ඇති. ඊට පස්සේ මම හෙමිහිට වහලෙන් බිමට බැස්සා. හැබැයි ඒ වෙනකොටත් මගේ හැසිරීම ගෙදර අය නිරීක්ෂණය කරලා. ඒ නිසා කාලයක් යන තුරු ගෙදර අයගේ විහිළු තහළුවලින් බේරෙන්න නම් මට බැරි වුණා.