gossip lanka

රෝහිත් ශර්මා සිය දියණිය ගැන කියපු දේ

ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිට් ෂර්මා සිය දියණියගේ නම පළමු වරට අණාවරණය කර තිබෙනවා.

ඒ, ට්විටර් සටහනක් තබමින්.

‘සමයිරා’ ලෙස සිය දියණියට නම් තබා ඇති බවයි රෝහිට් ෂර්මා එහිදී සදහන් කර සිටියේ.

දියණියගේ උපත හේතුවෙන් පසුගිය සතියේ දී රෝහිට් ෂර්මා ඔස්ට්‍රේලියාවේ සිට යළි ඉන්දියාවට ද පැමිණි අතර ඒ හේතුවෙන් ඔහුට ඔස්ට්‍රේලියාව සමග නිමා වූ සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ද අහිමි වුණා.

කෙසේ වෙතත් රෝහිට් ෂර්මා පසුගිය 7වනදා යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත්තේ දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම සදහායි.

ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාව බලා ගමන් ගන්නා අතරතුර රෝහිට් ෂර්මා, මහේන්ද්‍ර සිං දෝනි සහ කෙදාර් ජාදාව් ගත් ඡායාරූප කිහිපයක් ද මේ වන විට සමාජජාලා මාධ්‍යවල හුවමාරු වනවා.
gossip lanka