රන්වීර්, දිපීකා නැවත ලංකාවට

මීට සති කිහිපයකට පෙර සිය මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බොලිවුඩ් සුපිරි නළුනිළි යුවලක් වූ දිපීකා පදුකෝන් හා රන්වීර් සිං දෙදෙනා පසුගිය ජනවාරි 22 වැනිදා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ දිපීකාගේ සමිපතම මිතුරියකගේ විවාහය මංගල්‍යයකට සහභාගි වීම සඳහායි.
ශ්‍රීලා රාශ් නම් දිපීකාගේ සමිපතම මිතුරිය ගාල්ල බෙන්තොට නගරයේ පදිංචිව සිටින අතර, රන්වීර් මෙන්ම දිපීකාද දින කිහිපයක් මෙහි නැවතී සිටිමටද බලාපොරොත්තුවෙන් පසුවන බව සඳහන් වනවා.