කොලඹ පොහොට්ටු මන්ත‍්‍රීගෙන් ගැබ්ගත් තරුණිය දරුවා කාණුවකට විසි කර මරයි.. තරුණියත් මිය යයි.. මන්ත‍්‍රිගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි

කොළඹ නගර සභාවේ නාගරින මන්ත‍්‍රීවරයෙකු අතින් ගැබ්ගත් බව කියන තරුණියක් දරුවා බිහි කිරීමෙන් පසු කාණුවකට විසි කිරීමෙන් පසු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

රහසිගතව සිදු කර ඇති දරු ප‍්‍රසූතියෙන් පසු අසාධ්‍ය වු තරුණියද රෝහල් ගත කර දිනකට පසු මිය ගොස් ඇත.
තරුණිය දරු ප‍්‍රසූතියක් සිදු කර ඇත්තේ යයි හෙලිව ඇත්තේ එහිදී කරන ලද මරණ පරීක්‍ෂණයේදීය.

මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශණවලදී නාගරික මන්ත‍්‍රීවරයාගේ සම්බන්ධතාවය හෙලිව ඇති අතර ඔහුද පොලීසිය විසින් ප‍්‍රශ්න කිරීමටකට ලක් කර ඇත.

චූදිත මන්ත‍්‍රීවරයා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නෙකු යයිද සදහන්ය.

-lankacnews