ලෝකයේම කෙල්ලො පිස්සු වට්ටපු නික් ප්‍රියංකාට ආදරේ කරන හැටි

පහුගිය දවස්වල ලෝකයේම කතාබහට ලක් වූ චරිත රැසක්ම අපිට දැකගන්න ලැබුණා. ඒ අතර ජනප්‍රියත්වයත් කඩවසම් බවත් උතුරායන චරිතයක් ගැන ගොඩක් අයගේ අවධානය යොමු වුණා. බොලිවුඩයෙන් හොලිවුඩයට පායපු අපේ ආදරණීය පීසී එහෙමත් නැතිනම් ප්‍රියංකා පහුගිය දවස්වල විවාහ දිවියට ඇතුළත් වුණා. ඇයගේ අත ගත්තු ඒ කඩවසම් කුමාරයා ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒ වෙන කවුරුත්ම නෙවෙයි. නික් ජෝන්ස්. නික්.
නික් මිස්ටර් ප්‍රසිඩන්ට් කියන අන්වර්ථ නම්වලිනුත් හඳුන්වන මේ කඩවසම් තරුණයා ඉපදිලා තියෙන්නේ 1992 සැප්තැම්බර් 16 වැනිදා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ. ඒ කියන්නේ දැන් නික්ට වයස අවුරුදු 26 ක්.

නික්ගේ අම්මා ඩෙනිස්. එයා ගුරුවරියක් වගේම ගායිකාවක් විදිහටත් කටයුතු කළා. ඒ වගේම තමයි නික්ගේ තාත්ත පාවුල් කෙවින් ජෝන්ස්. එයා සංගීතවේදියෙක් වගේම හිටපු අමාත්‍යවරයෙක්.

පුංචි කාලෙ ඉදන්ම නික් වෙනස් චරිතයක් වුණා. කැරලි ගැසුණු කොණ්ඩය වගේම දුඹුරු පාට ඇස් නික්ව ආකර්ෂණීය චරිතයක් බවට පත් කළා. ගායනයට වගේම රංගනයටත් එකවගේම දක්‍ෂකම් දක්වපු නික් ඕල් රවුන්ඩර් කෙනෙක් වුණේ කවුරුවත් නොහිතපු විදිහට. නික් වැඩිපුරම ජනතාව අතරට ගියේ ද ජෝන්ස් බ්‍රදර්ස් කියන සංගීත කණ්ඩායම නිසා. මේ වෙනකොට ඔවුන් අතිශය ජනප්‍රිය මියුසික් වීඩියෝ රැසක් ජනතාවට තිළිණ කරලා තියෙනවා. කෙවින් ෆ්‍රැන්කි සහ ජෝ කියන්නේ නික්ගෙ සහෝදරයන්. එයාල කට්ටිය එකතුවෙලා තමයි මේ සංගීත කණ්ඩායම පවත්වාගෙන යන්නේ. ගිටාර් පියානෝ සහ ඩ‍්‍රම්ස් යන වාද්‍ය භාණ්ඩ තුනම නික්ට වාදනය කරන්න පුළුවන්. ගිටාර් වලට නික් කොයි තරම් ආදරය කරනවාද කිව්වොත් මේ වෙනකොට පෞද්ගලික පරිහරණයට නික් ළඟ ගිටාර් 16 ක එකතුවක් තියෙනවලූ.

නික් තරම් සුරතල් සතුන්ට ආදරය කරන කෙනෙක් තවත් නැහැ කියල තමයි නික් කියන්නේ. ඒ අතරින් බල්ලන්ට නික් දක්වන්නේ පුදුම කැමැත්තක්. නික් ගේ 16 වැනි උපන්දිනයට එයාට ලස්සන බලූ පැටියෙක් තෑග්ගක් විදිහට ලැබුණා. එයාගේ නම තමයි එල්විස්. මේ හැමදෙයක්ම අතරේ ක්‍රීඩාව වෙනුවෙන් කාලය වෙන් කරන්නත් තරුණ නික් අමතක කරන්නේ නැහැ. ගෝල්ෆ් ටෙනිස් බේස් බෝල් තමයි නික් ගේ ප්‍රියතම ක්‍රීඩාවන් වන්නේ. නිකන් ඉන්න වෙලාවට ගීත නිර්මාණ ලියන්න වගේම ඒවාට තනු නිර්මාණය කරන එකත් ඔහුගේ විනෝදාංශ අතර ඉහළින්ම තියෙනවා. නික් කියලා කියන්නේ ජර්මන් ඉංග්‍රීසි ස්කොට් අයිරිෂ් ඉතාලි ෆෙන්ච් කැනේඩියන් සම්භවයක් සහිත අයෙක්. නික්ගේ සීයා නිසා තමයි මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ.

 නික්ගේ හිත යන්නේ වෙනස්ම දේවල් වලට. පුංචි කාලෙ ඉදන්ම එයා කැමැතියි අනෙක් අයට ළගාකරගන්න අපහසු දේවල් තමන් ළගට ගන්න. ඒ නිසාම තමයි එයා තමන්ට වඩා වසර 10ක් වැඩිමල් කාන්තාවක් එක්ක පෙමින් බැඳුනේ. ඒ ප්‍රියංකා චොප්රා. මෙයාලගේ ආදරය පටන්ගත්තු මුල් කාලයේ බොහෝ දෙනා කීවේ ඒ සම්බන්ධයට වැඩි ආයුෂක් නැති වෙයි කියලයි. නමුත් ඒ දේවල් බොරු කරමින් පසුගිය වසරේ අගෝස්තු මාසයේ පංජාබි සංස්කෘතියට අනුව ඔවුන්ගේ විවාහය මහ ඉහළින් සමරන්න නික් කටයුතු කළා. නික් ප්‍රියංකාට කොයි තරම් ආදරෙයි ද කියනවනම් විවාහයේ සෑම කටයුතුතක්ම ප්‍රියංකාගේ කැමැත්තට අනුව සිදු කරන්න තමයි නියෝග කරල තිබුණේ.

 බටහිර සමාජය තුල නික් කොයි තරම් ජනප්‍රියයි ද කියනවා නම් එයා මේ වෙනකොට බොහෝ තරුණ තරුණියන්ගේ රෝල් මොඩල් එකක් බවට පත් වෙලා තියෙනවා. නික් අදින පළදින විදිහ වගේම කෑම බීම ගමන බිමන ආදී මෙකී නොකී බොහෝ දේ අනුකරණය කරන්නත් බොහෝ අය පුරුදු වෙලා. මේ වෙනකොට නික් කියන්නෙ ලෝකයක් වසඟයට ගත්තු තරුණයෙක්. ගොඩක් අය එයාව හඳුන්වන්නේ සෙක්ස් සිම්බල් එකක් හැටියට. ඒ ගැන විමසන මාධ්‍යවේදීන්ට නික් දෙන්නේ මේ වගේ පිළිතුරක්.

'කවුරුහරි කියනවානම් මම සෙක්ස් සිම්බල් එකක් කියලා. ඔව් මම ඒකට කැමැතියි. ඒක ඒ අය දකින විදිහ. නමුත් කවදාවත් මම මාව ඒ විදිහට හඳුන්වා දෙන්නේ නැහැ. හැබැයි එහෙම කියන අය වළක්වන්නෙත් නැහැ. මම නිතරම උත්සාහ කරන්නේ අවංක වෙන්න. ඒ වගේම මම කැමැතියි සංගීතය ඔස්සේ ආදරය උපදවා ලියුම් කවරයක දාල ලෝකය පුරාම විසුරුවා හරින්න.'

2014 වසරේ ඕකේ සඟරාව විසින් නික්ව ලෝකයේ සරාගීම පුද්ගලයින් අතරට එකතු කළා. ඒ විතරක් නෙවෙයි 2015 වසරේ නික් ලිංගික ආකර්ෂණය දිනාගත් පුද්ගලයින් අතර 10වන තැන දිනාගත්තා. 2018දී නික් තමයි ලෝකයේ ඉන්න වඩාත් ආකර්ෂණීයම තරුණයා වුණේ. ඒ ගැන ප්‍රියංකා කියලා තිබුණේ ලෝකයේම වඩාත් ආකර්ශනීය තරුණයා විවාහ කරගන්න ලැබීම තමන් ලද භාග්‍යයක් වන බවයි. ඒ ගැන එයා ආඩම්බර වෙනවා කියලත් කියල තිබුණා..

වර්තමාන කාල සීමාව තුළ නික් LGBTIQ ප්‍රජාව අතර වැඩි ආකර්ෂණයක් තිබෙන පුද්ගලයෙක් බවටත් පත්වෙලා තියෙනවා. සමහරු තර්ක කරන්නේ නික්ගේ පෙනුම සමලිංගික තරුණයකුගේ අංගලක්‍ෂණ විදහා දක්වන බවයි. නමුත් නික් මේ කිසිම දේකට උත්තර දෙන්න යන්නේ නැහැ. නික් ගැන ඔයාල නොදන්න තවත් දෙයක් තියෙනවා. ඒ තමයි නික් වයස අවුරුදු 13 දී දියවැඩියා රෝගයෙන් පෙළීම. ඒ වෙනුවෙන් ඔහුට ඉන්සියුලින් එන්නත් කරගන්න පවා සිදුවෙලා තියෙනවා. නමුත් දැන්නම් එයා හොද සෞඛ්‍ය තත්වයකින් ඉන්නවා කියලා තමයි ඔහුගේ වෛද්‍යවරුන් පවසන්නේ.

නික් දැන් දියවැඩියාවෙන් පෙළෙන ළමුන් වෙනුවෙන් සංවිධානයක් පවා පටන් අරගෙන තියෙන්නේ. ඔහුගේ අරමුණ තමයි දරුවන් දියවැඩියාවෙන් මුදා ගැනීම. ඔහු ඒ වෙනුවෙනුත් සටන් වදිනවා. පසු කලෙක ඔහු තරුණ දරුවන් දියවැඩියාවෙන් බේරාගැනීමටත් ඔවුන් දැනුවත් කිරීමටත් සෞඛ්‍ය සංවිධානය හරහා නිත්‍ය සාමාජිකත්වය ලබාගන්නවා. නික්ගේ මේ හැම වැඩකටම ප්‍රියංකාත් සිය උපරිම සහයෝගය ලබා දෙන්න අමතක කරන්නේ නැහැ. ඒ ගැන නික් කියන්නේ මෙහෙම දෙයක්.

'මම ගොඩක් වාසනාවන්තයි. ඇයගෙන් මේ වගේ සහයෝගයක් ලැබේවි යැයි මම කිසිම දවසක හිතුවෙ නැහැ. නමුත් ඇය මාව ගොඩක් තේරුම් අරගෙන තියෙනවා. ඇය හරිම දිරිමත් කාන්තාවක්. මම කැමැතියි එහෙම අයට. මොකද කෙනෙක්ට පුළුවන්නම් සාම්ප්‍රදායික බැදීම් බිද දමමින් නැගී සිටින්න එයාට ජීවිතයට මුහුණ දෙන්න ලොකු ශක්තියක් ලැබෙනවා. මං හිතන්නෙ ප්‍රියංකත් ඒ වගේ කෙනෙක්'

ටික කාලයක් ප්‍රියංකත් එක්ක ඉන්දියාවේ ජීවත් වෙන්නත් නික්ගේ අදහසක් තියෙනවා. ඉන්දියානු සංස්කෘතියට වගේම ඉන්දියානු කෑම වලටත් නික් දක්වන්නෙ පුදුම කැමැත්තක්. ඒ නිසාම වෙන්න ඇති ඉඩක් ලැබෙන හැම වෙලාවකම නික් ප්‍රියංකත් එක්ක ඉන්දියාවේ තියෙන රසම රස කෑම තියෙන හෝටල්වලට යන්නෙ.

 අමිල නුවන් මධුසංඛ

gossip lanka