හෙල්මට් නැති යතුරුපැදිකරුවෙකුට දඩ කොලයක් දුන් නිසා පානදුර තොටවත්තේ මහ කලබලයක්... පොලිසිය අහසට වෙඩි තබයි - (video)

පානදුර කෙසෙල්වත්ත, තොටවත්ත ප‍්‍රදේශයේ ඊයේ (04) දහවල් ඇතිවූ කලහකාරී තත්ත්වයක් පාලනය කිරීමට පොලීසිය අහසට වෙඩි තබා තිබෙනවා. ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියක ගමන් ගත් අයෙකුට දඩ පති‍්‍රකාවක් ලබා දීමට පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් අද දහවල් කටයුතු කර තිබෙනවා. එම අවස්ථාවේ ආගමික සිද්ධස්ථානයක සිටි පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමග එම කලහකාරී තත්ත්වය හට ගෙන ඇති බව වාර්තා වේ.හිස්වැසුම් නොමැතිව ගමන් ගත් යතුරුපැදිකරුට අදාළ දඩ පති‍්‍රකාව නිකුත් කර ඇත්තේ වෙනත් පැමිණිල්ලක් විභාග කිරීමට යමින් සිටි පොලිස් නිලධාරියෙකු විසින් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. අදාළ අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු එක් පුද්ගලයෙකු පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.