සැමියා බලා සිටියදීම බිරිඳව දූෂණය කළ පුද්ගලයෙකුට අවසානයේ සිද්ධ වුණු දේ

විවාහක කාන්තාවක්‌ සැමියා ඉදිරියේදීම දූෂණය කර ඇයගේ හා සැමියාගේ දුරකථන දෙක මංකොල්ලකෑ චූදිතයකුට හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය චෝදනා තුනක්‌ සඳහා බර වැඩ සහිත වසර 20 ක සිරදඬුවම් නියම කරනු ලැබුවා.

චූදිතයා වූයේ රාජපක්‌ෂ දුරයලාගේ ජානක විමලසේන යන අයයි. 2011 අප්‍රේල් 25 දින හෝ ආසන්න දිනයක කාන්තාවක්‌ දූෂණය කිරීම ඇයගේ කරාබු ජෝඩුවක්‌, ජංගම දුරකථනයක්‌ කොල්ලකෑම සහ එම අවස්‌ථාවේදීම ඇයගේ සැමියා ගේ ස්‌වාමීත්වයේ තිබූ ජංගම දුරකථනයක්‌ කොල්ලකෑම යනුවෙන් චෝදනා තුනක්‌ යටතේ මොහුට අධි චෝදනා තුනක්‌ ගොනු කර තිබුණා.
මෙම සිද්ධිය පල්ලම වතුපොල වත්තකදී සිදු වී ඇත අතර චූදිත අනුරාධපුරයේ පදිංචිව යුද හමුදා සේවයේ නිරතව සිටි අයෙක් බවයි සඳහන් වන්නේ.

පසුව ඔහු යුද හමුදා සේවයෙන් ඉවත්ව පල්ලම වතුපොල ප්‍රදේශයේ වත්තක මුර සේවයට පැමිණ තිබෙනවා.

කාන්තාව ද අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඒ වනවිට ඇය 27 හැවිරිදියි. ඇය හා ඇයගේ සැමියා ද එම වත්තේම රැකියාව කරමින් සිට ඇති අතර චූදිතයාව වත්තේ මුර සේවයෙන් ඉවත් කිරීමේ සිද්ධියක්‌ මෙම සිදුවීම්වලට මූලික වී යෑයි චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුවන් චමින්ද ප්‍රනාන්දු මහතා අධිකරණයට කියා සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ පද්මලාල් වීරසිංහ ද සිල්වා මහතා ද කරුණු දැක්‌වීමෙන් පසු මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය සිය නියෝගය දෙමින් මෙසේ කීවා.

චූදිතගේ ඇඟිලි සලකුණු වාර්තා අනුව පෙර වැරදි දෙකකට අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබෙනවා. එම සිරදඬුවම් වහා ක්‍රියාත්මක කළ යුතුයි. මෙම නඩුවේ පළමු වන චෝදනාවට බර වැඩ සහිත වසර 10 ක සිරදඬුවමක්‌ ද, රුපියල් 2500 ක දඩයක්‌ ද නියම කර දඩ මුදල නොගෙවන්නේ නම් මාස දෙකක තවත් බර වැඩ සහිත සිරදඬුවමක්‌ නියම වෙයි.

පැමිණිලිකාර කාන්තාවට රුපියල් 75000 ක වන්දි මුදලක්‌ ගෙවීමට ද මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළා.

එම වන්දි මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්‌ නියම කරනු ලැබුවා.

එසේම 02 - 03 චෝදනාවන්ට වසර 10 බැගින් බර වැඩ සහිත සිරදඬුවම් නියම කර 01 - 03 චොදනා සඳහා වන සිරදඬුවම් එකවර ගෙවී යැමට ද නියම කළා.