නිල් චිත්‍රපටියකට බලෙන් යොදවන බවට තර්ජනය කරමින්, සුරූපි නිළියට සිදු කළ මහා අපරාධයේ සුල මුල හෙළි වෙයි - (Photos)

නේපාලයේ ධනවත් පවුලක ඉපදුණු මීනක්ෂි තාපා ඉන්දියාවට පැමිණියේ බොලිවුඩ් නිළියක් බවට පත්වීමේ අපේක්ෂාවෙන්.

එසේ පැමිණි ඇය මහත් සේ ජනප්‍රිය වූ ‘404‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් බොලිවුඩ් පුරයේ ඉහළ ඝනයේ නිළියක් බවට පත්වුණා.

එහෙත් ඇගේ නිළි ගමන අකාලයේ නතර වුණේ ඉතාම බිහිසුණු ආකාරයෙන් ඝාතනයට ලක් වීමෙන්.

ඇගේ ඝාතනය ඉන්දියාව පුරාම මහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වුණා.

අතිශයින් බිය දනවන ‘404‘ චිත්‍රපටය රසිකයින්ගේ අවධානයට ලක්ව මීනක්ෂි බොලිවුඩ් පුරයේ සුප්‍රකට මාදුර් හන්ඩර්කාර් අධ්‍යක්ෂකවරයාගේ ‘හෙරොයින්‘ නැමැති චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමටද තෝරා ගනු ලැබුවා.

එම චිත්‍රපටියේ සුළු චරිත රඟ පෑ අමීත් ජයිස්වාල් සහ ඔහුගේ පෙම්වතිය වූ ප්‍රීති සුරීන්, මිනක්ෂිට හමුවූයේ චිත්‍රපටියේ වැඩ කටයුතු කරන අතරවාරයෙයි.

චිත්‍රපටිය වැඩ කරන අතරමඟ මීනක්ෂි ධනවත් පවුලකින් පැවත එන කෙනෙකු බවටත්, නේපාලයේ ඇගේ පවුල සතුන දැවැන්ත ධනයක් පවතින බවටත්, අමීක් හා ප්‍රීතිට දැනගන්නට ලැබුණා.

ආර්ථික ප්‍රශ්න රැසක පැටලී සිටි ඔවුන් එම ප්‍රශ්නවලින් ගැලවීම සඳහා මීනක්ෂි යොදා ගැනීමට තීරණය කළා.

මීනක්ෂි නිළියක් ලෙස පමණක් නොව මෝස්තර නිරූපිකාවක් ලෙසත් කටයුතු කිරීම නිසා මෝස්තර නිරූපනය කිරීමේ අවස්ථාවක් ලබාදීමටත්, බෝජ්පූර් හි නිෂ්පාදනය වන චිත්‍රපටියක ප්‍රධාන චරිතයක් ලබා දීම සඳහා ගොරක්පුර් නගරයට එන ලෙස අමීක් හා ප්‍රීති, මීනක්ෂිට දන්වා සිටියා.

එය ප්‍රතික්ෂේප නොකළ මීනක්ෂි ගොරක්පූර් නගරයට ගිය පසු අමීක් සහ ප්‍රීති විසින් ඇය ප්‍රාණ ඇපයට ගෙන ඇගේ මවගෙන් රුපියල් මිලියන 1.5ක කප්පම් ඉල්ලා සිටියේ මීනක්ෂි බලෙන් යොදා නිල් චිත්‍රපටියක් නිපදවා එය ජනගත කරන බවට තර්ජනය කරමින්.

එහෙත් මධ්‍යම රජයේ ඉහළ රැකියාවක් කළ ඇගේ දෙමාපියන් හා ඉන්දියානු හමුදා සේවයේ සේවය කළ මීනක්ෂිගේ සොහොයුරු ඇතුළු පවුලේ සාමාජිකයින් කප්පම්කරුවන් ඉල්ලා සිටි මුදලට වෙනුවට රුපියල් 60, 000ක් ඔවුන්ට යවනු ලැබුවා.

රුපියල් 60, 000 ගෙවීමෙන් දියණියගේ ජිවිතය බේරාගැනීමට හැකි වේ යැයි සිතුවත් එවැන්නක් සිදු නොවීම නිසා මීනක්ෂීගේ අතුරුදහන් වීහා හා කප්පම් ලබාදීම ගැන පොලීසිය දැනුවත් කරන්නට මීනක්ෂිගේ මව පියවර ගත්තා.

පසුව සිදුකළ විමර්ශනයේදී පොලීසියට අමීත් හා ප්‍රීති අත්අඩංගුවට ගත හැකි වුණා. එහිදී අනාවරණය වුණේ මීනක්ෂිගේ පවුලේ උදවියගෙන් මුදල් ලබා ගැනීමෙන් පසු ඇයව ඝාතනය කර ඇති බවයි.

මීනක්ෂිව හෝටලයකට රැගෙන ගිය අමිත් හා ප්‍රීති ගෙල මිරිකා ඇය මරණයට පත්කොට ඇගේ සිරුර කැබලිවලට කපා ජල ටැංකියකට දමා ඇති බවත්, පසුව සිරුරෙන් වෙන් කරන ලද ඇගේ හිස ඔවුන් විසි කර ඇති බවත් විමර්ශනවලදී හෙළි වුණා.

ගෙල මිරිකා මරණයට පත් කිරීමෙන් අනතුරුව ඈ සතුව තිබූ බැංකු ණයපත් මෙන්ම ඇගේ ජංගම දුරකථනයෙන් සිම් කාඩ්පත්ද අමිත් හා ප්‍රීති විසින් පැහැරගෙන ගොස් තිබුණා.

මීනක්ෂිගේ මවගෙන් කප්පම් ඉල්ලා ගැනීම සඳහා යොදාගෙන තිබුණේද එම සිම් පතයි.

සිම් කාඩ්පත් ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරින්, අමීන් සහ ප්‍රීති අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලැබුවා.

පැහැරගෙන යාම, කප්පම් ගැනීම හා මරා දැමීම යන චෝදනා යටතේ අමිත් කුමාර් හා ප්‍රීති සුරීන් වරදකරුවන් බවට පත් කළ මුම්බායි අධිකරණයේ ප්‍රධාන විනිශ්චයකාර එස්.ජි. ෂෙට්ටි විසින් ඔවුන් දෙදෙනාට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

-රෝහණ ආර්යරත්න