"මං කලේ බොරු..වරද පිලිගන්වා.. මරණ දඬුම වුනත් විදින්න ලෑස්තියි" - නාමල් කුමාර - (video)

හමුදාවට බැදීම සදහා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමේ චෝදනාව තමන් පිලිගන්නා බව දුෂණ විරෝධී බලකා අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා පවසයි.

එම වරද සදහා අධිකරණය විසින් දෙනු ලබන්නේ මරණ දඬුවමක් වුවද එය බාර ගන්නා බවත් ඔහු කියයි.
නමුත් එම දඬුවමට බිය වී ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය යට ගැසීමට තමන් සූදානම් නැති බවත් ඔහු මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් මෑත කාලයේදී තොරතුරු විශාල ප‍්‍රමාණයක් හෙලි කරන ලද්දේ නාමල් කුමාර විසිනි.

ඒ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සිදුවෙමින් තිබියදී රහස් පොලීසිය විසින් අධිකරණයට වාර්තා කර ඇත්තේ නාමල් කුමාර හමුදාවට බැදීම සදහා අධ්‍යාපන සහතික ව්‍යාජ ලෙස ලසක් කර ඇති බව හෙලිව තිබෙන බවයි.