හොර අධ්‍යාපනික සහතික දී හමුදාවට ගිහින් එතනිනුත් පැනලා - නාමල් කුමාර ගැසූ සුපිරි ගේම් ගැන තොරතුරු හෙළිවේ !

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු හෙළි කළ දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර  ගුවන් හමුදාවට සහ යුධ හමුදාවට බැදී ඉන් පළා ගිය අයෙක් බව ඊයේ  (02)  අනාවරණය කරගෙන තිබෙනවා. එසේම ඔහු ගුවන් හමුදාවට බැදීමේදී 2002 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සමත් බවට ඉදිරිපත් කර ඇති විභාග ප්‍රතිපල ලේඛනය ව්‍යාජ එකක් බවට සනාථ කර ඇති බවයි රහස් පොලිසිය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියේ.
මෙතෙක් සිදු කරන ලද විමර්ශන වලට අනුව නාමල් කුමාර අම්පාර මොරවැව මහ විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇති බවත්, සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 7ක් අසමත් බවටද සනාථ වී ඇතැයි රහස් පොලිසිය අධීකරණයට දන්වා තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය අධීකරණය හමුවේ කැඳවු අවස්ථාවේ රහස් පොලිසිය මේ පිළිබදව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ බව කියා සිටියා.

ජනාධීපතිවරයා ඇතුලු පිරිසක් ඝාතනය කිරිමට අදාළ සිද්ධීයේ පැමිණීලිකරු වන නාමල් කුමාර යන අය 2009 වසරේ අම්පාර ගුවන් හමුදා කඳවුරරේ සේවයට එක්ව ඇති බවත් පුහුණූවෙන් පසුව ගුවන් හමුදාව හැරගොස් ඇති බවත් සිදු කළ විමර්ශන වලින් අනාවරණයවී  ඇති බව කී රහස් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන අතර ඔහු 2010 වසරේ යුද හමුදා ඉංජිනේරු බලකායට බැදී පුහුණුව ලබා ඇති බවත් 2011 වසරේදී ගජබා රේජිමේන්තුවේ සේවයට බැදී ඉන්ද පිටව ගොස් ඇති බවත් විමර්ශන මගින් අනාවරණය කර ගෙන තිබෙනවා.

නාමල් කුමාර යන අය ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් වෙනමම විමර්ශනයක් රහස් පොලිසිය ආරම්භ කර ඇති බවත් ගුවන් හමුදාව මගින්ද විමර්ශනයක් සිදු කරන බව එහිදී රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.