මෙක්‌සිකෝ නගරාධිපති දිවුරුම් දුන් දිනයේම ඝාතනය වෙයි

මෙක්‌සිකෝවේ නව නගරාධිපති ලෙස නව අවුරුදු උදාව වූ දිනයේ දිවුරුම්දී නගර ශාලාව වෙත යමින් සිටි ඇලජාන්දො සන්තියාගෝ වෙඩිතබා මරා දමා තිබෙනවා.

මෙක්‌සිකෝ බලධාරීන් පවසන්නේ තුවක්‌කුකරුවන් දෙදෙනෙක්‌ ඊට සම්බන්ධ බවයි.

2017 සහ 2018 අතර සමයේ මෙක්‌සිකෝවේ දේශපාලකයන් 152 ක්‌ ඝාතනය වී ඇති බවත් සදහන්.