ලෝක වාර්තාවකට හිමිකම් කියන්න යන, ඕස්ට්‍රේලියාවෙන් හමු වූ අපූරු එළදෙන මෙන්න

2018 වර්ෂයේ දී ඕස්ට්‍රේලියානු සමාජ ජාලා උඩුයටිකුරු කළ එළදෙනකගේ රුවක් ලොව පුරා ජනප්‍රිය වුණා.

ඒ අවුන්ස 2800කට ආසන්න බරැති විසල් එළදෙනක වූ knickers ගේ ගොවිපළ ඡායාරූපයක්.

මෙම අපූරු විසල් එළදෙන අඩි 6.2 ක් උස් වන අතර සෙසු සාමාන්‍ය සිටියර් වර්ගයේ සතුන්ගෙන් ශාරීරිකව වෙනස් වී තිබෙනවා.

පුදුමය වනුයේ knickers ගේ දෙමව්පියන් සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ සතුන් වීමයි.

knickers ගේ අයිතිකරු ප්‍රකශ කර ඇත්තේ ස්ටියර් වර්ගයේ එළදෙනුන් මස් සඳහා අවුරුදු 3ක් වන විට මරා දමන අතර මෙම එළදෙන එම වයසේ දී මස් සඳහා නොමැරූ බවයි.

මේ වන විට knickers 6 වැනි වියේ පසුවනවා. වයස 6ක් වැනි ඉහළ වයසක දී සිටියත් එළදෙනුන් මෙම තත්ත්වයට පත් විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

knickers ට වඩා විශාලව වැඩී සිටි ඇමෙරිකානු ගවයෙකු වූ ඩැනියෙල් නමැති විසල් ගවයා මෑතකදී මියගිය අතර එම සත්වයා මිය යන විට දැඩි ලෙස රෝගාතුර ව සිට තිබෙනවා.

කෙසේවෙතත් තවමත් knickers ගේ සෞඛ්‍ය තත්වය ඉතා යහපත් අතර නුදුරේදී ම ඇය ලෝක වාර්තාවකට හිමිකම් කියනු ඇති.

-උත්පලා ප්‍රබුද්ධිකා
gossip lanka