වසර 30කට පසු ජනප්‍රිය නිළි මධුරි හා අනිල් කපූර් ප්‍රේමයෙන් වෙලෙයි

පසුගිය ජනවාරි 27 වැනිදාට ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ සුභාෂ් ගායිගේ ‘රාම් ලකන්’ චිත්‍රපටය තිරගත වී වසර 30ක් ගෙවි තිබෙනවා. ඒ වෙනුවෙන් එහි ප්‍රධාන චරිත රඟපැ අනිල් කපූර් හා මධුරි ඩික්සිත් පෙනී සිටින ඡායාරූපයක් සිය ‘ටිවිටර්’ හා ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම්වලට එක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

අනිල් කපූර් හා මධුරි ඩික්සිත්ට අමතරව ‘රාම් ලකන්’ චිත්‍රපටයේ ඩිම්පල් කපාඩියා හා ජැකි ෂෙරේෆ්ද රංගනයෙන් දායක වුණා.

අනිල් හා මධුරි මෙසේ ඡායාරූපයක් ගෙන ඇත්තේ මේ දිනවල රූපගත කෙරෙන ‘ටෝටල් ඩමාල්’ චිත්‍රපටයේ රූපගත කිරිමක් අතරතුරදීයි. අනිල් හා මධුරිට අමතරව මෙසේ රූපගත කෙරෙන ‘ටෝටල් ඩමාල්’ චිත්‍රපටයේ ජනප්‍රිය නළුනිළියන් රැසක් රංගනයෙන් දායක වෙයි.
gossip lanka