කරීනා කපූර් දේශපාලනයට?

හින්දි සිනමාවේදී ලබාගෙන තිබෙන අසීමිත ජනප‍්‍රියතාව උපයෝගී කර ගෙන කාලෙන් කාලෙට හින්දි තරු දේශපාලනය සඳහා පැමිණීම අමුත්තක් නොවේ. විටෙක ජයා බච්චන්, හේමා මාලිනී, රේඛා හින්දි තිරයේ ලැබූ ජනප‍්‍රියත්වයෙන් දේශපාලනය ජය ගත් පිරිස අතර සිටියා. දැන් දැන් වාර්තා වන්නේ මේ කාන්තා චරිත අනුව යමින් කරීනා කපූර් ඛාන් දේශපාලනයට පිවිසීමේ ආසාවකින් පෙළෙන බවයි. ඇය බෝපාල් හි ලෝක් සභා ඡන්දය සඳහා ඉදිරිපත් වන බවට මේ වනවිටත් පුවත් මැවෙමින් තිබේ.
 ඇයට දේශපාලනය සඳහා ආරාධනා කර ඇත්තේ කොන්ග‍්‍රස් පක්‍ෂයේ නායක ගුඩු චෞහාන් විසිනි. මේ වනවිටත් දේශපාලනඥයන් දෙදෙනෙකු අතර කරීනා දේශපාලනයට රැගෙන ඒම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වෙමින් පවතී. ඔවුන් පවසන්නේ කරීනා යම් හෙයකින් ඔවුන්ගේ ආරාධනාව පිළිගෙන දේශපාලනයට පැමිණිය හොත් ඇයට තරුණ පිරිසගේ ඡන්ද වැඩි වශයෙන් ලබාගත හැකි බවයි.

 කරීනා මේ වනවිටත් බෝපාල් හි දේශපාලනයට සම්බන්ධව සිටි මන්සූර් අලි ඛාන් පටාවුඩි පවුලේ එකම ලේලියයි. මන්සූර් අලි ඛාන් පටාවුඞ් 1991 වසරේදී බොපාල් හි ලෝක් සභා ඡන්දය සඳහා ඉදිරිපත් වී ජයග‍්‍රහණය කර තිබෙනවා. ඊට අමතරව සායිෆ් ගේ සීයා ද බෝපාල් හි ක‍්‍රියාකාරී දේශපාලනඥයෙකි.

 මේ වනවිටත් කරීනා සිය සැමියා සායිෆ් අලි ඛාන්, නැන්දණිය ශර්මිලා තාගෝර් සහ නෑනා වන සෝහා අලි ඛාන් සමඟ බෝපාල් හි සංචාරයක යෙදී අවසන්. ඔවුන් එහි මහ ඇමැති හමු වී සාකච්ඡා වට කිහිපයක් ද පවත්වා තිබෙනවා.
gossip lanka