"කොතරම් බාධක ආවත් අපේ සම්බන්ධය නතර කරන්නේ නැහැ.." - අවුරුදු 37ක් වැඩිමහල් කාන්තාවක් විවාහ කර ගත් රූමතිය කියයි

සමරිසි විවාහය ඇතැම් රටවල් ප්‍රතික්ෂේප කරද්දී රටවල් කිහිපයක් එය නීතිගත කළා. බටහිර රටවල් බොහොමයක දක්නට ලැබෙන සමරිසි සම්බන්ධතා ගැන බොහෝ දෙනෙක්ගේ අවධනය යොමුව තිබෙනවා. මේ කියන්න යන්නේ අවුරුදු 24ක යුවතියක් වසර 37ක් වැඩිමහල් කාන්තාවක් සමග ප්‍රේමයෙන් වේලි ඇයව විවාහ ගිවිස ගත් කතාවක් ගැනයි. ඇය නමින් Julia Zelg. ඇය ලන්ඩන් ජිවත් වුවත් ඉපිද තිබෙන්නේ බ්‍රසීලයේ.
ජනප්‍රිය බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන ඇයට 61 හැවිරිදි Eileen De Freest කාන්තාව මුණගැහෙන්නේ සහකරුවන් හා සහකාරියන් මුනගස්වන අතිශය ජනප්‍රිය ඇප් එකකදී. ඔවුන් මුලින්ම මුණගැහෙන්නේ ලන්ඩන්වල බවත් එහිදී දෙදෙනා කෙරෙහිම අවබෝධය ඇතිව ආදර සම්බන්ධතාවය පටන්ගෙන විවාහ ගිවිසගත් බවත් ඔවුන් සදහන් කර තිබෙනවා.

කොහොම නමුත් මේ දෙදෙනාම කියන්නේ කුමන බාධක ආවත් ඔවුන්ගේ සම්බන්ධය නතර නොකරන බවයි. ඒ වගේම ජුලියා කියන තරුණ යුවතියට නිදහසේ ජිවත් වීමට ඉඩ ලබා දෙන බවත් ජූලියාගේ සහකාරිය සදහන් කර තිබෙනවා. මේ වසරේ විවාහ උත්සවයක් ගැනීමට බලාපොරොත්තුවන බවත් ඔවුන් විදෙස් මාධ්‍ය සදහා ප්‍රකාශ කර තිබෙනවා.