gossip lanka

අද ක්ෂේත්‍රය ගැන ලොකු කලකිරිමක් තියෙනවා - ඉසුරි හෙට්ටිආරච්චි

නිරූපණයට හා නිවේදනයට එක ලෙස දස්කම් දක්වන මෙම රුවැත්තිය නිරූපණ ක්‍ෂේත්‍රයේ දිගු කාලයක් රැඳී සිටිමින් නිර්මාණ සඳහා දායකවී තිබේ. ඉසුරි හෙට්ටිආරච්චි නම් වන ඇය ඇගේ ඉදිරි කලා තොරතුරු පිළිබඳ පැවසීමට ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.

 කාලයක සිට ඔබව නිරූපණ ක්ෂේත්‍රයේ දුටුවේ නැහැ?

ඔව්, මගේ විවාහයත් එක්ක තරමක් දුරට නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත්වුණා. නැවතත් මේ වසරේ ඉඳලා නිරූපණ වැඩවලට සම්බන්ධ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.
ආයෙත් නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?

මම මේ ක්ෂේත්‍රයට ගොඩක් කැමතියි. ඒ හින්දා තමයි ආයෙත් නිරූපණ වැඩවලට එකතු වෙන්න හිතුවේ.

නිරූපිකාවක් වුණ එක ගැන මොක හිතෙන්නේ?

නිරූපණයට පුංචි කාලේ ඉඳලා ආසාවක් තිබුණා. ඒ නිසා තමයි නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණේ. නිරූපිකාවක් විදිහට ගොඩ දෙනෙක් මාව අඳුනගත්තා. මම හිතන්නේ මේ වෘත්තිය තෝර ගත්ත එක වරදක් නැහැ කියලා.

නිරූපිකාවක්ට අද තියෙන පිළිගැනිම අඩුයි?


ඔව්, ඒක නම් ඇත්ත. මොකද හැමදේකම හොඳ පැත්තක් වගේම නරක පැත්තක් තියෙනවනේ. සමහර කට්ටිය ජනප්‍රිය වෙන්න ඕන වුණාම එක එක දේවල් කරනවා. ඒ කරන වැඩේ හොඳද නරකද කියලාවත් බලන්නේ නැතිව.

වර්තමානයේ සිදුවෙන සිදුවීම් එක්ක ක්ෂේත්‍රය ගැන කලකිරීමක් නැද්ද?

ඇත්තටම දැන් නම් මේ ක්ෂේත්‍රය එපා වෙලා තියෙන්නේ. සමහර දේවල් දැක්කම හිතෙනවා මේ දකින්නේ අපි කලින් දැකපු ඇසුර කරපු මිනිස්සුද කියලා.

වැඩ තෝරගෙනද කරන්නේ?


ඔව්, හැම එකක්ම බදාගෙන කරන්න මම කැමති නැහැ. හොඳට හිතලා බලලා ඒ වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියලා තමයි භාර ගන්නේ.

බුද්ධික සේනාධීර

gossip lanka