සුරූපී සිසුවිය දූෂණයට ලක් කර ඝාතනය කරලා

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි සුරූපී සිසුවියකගේ අමානුෂික ඝාතනයක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රදේශයෙන්.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 21 හැවිරිදි ඊශ්‍රායල ජාතික aiia Maasarwe නමැති තරුණියක්.

ඇය සිය සොහොයුරිය සමඟ දුරකථන සංවාදයකින් අනතුරුව මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ඇය ඝාතනයට ලක්කිරීමට පෙර දූෂණයට ලක්ව ඇති බවටයි සැකපළකරන්නේ.

මෙල්බර්න් හි ඇය නවාතැන්ගෙන සිටි ස්ථානයේ සිට කිලෝමීටරයක පමණ දුරක තිබියදීයි ඇයගේ නිරුවත් මළ සිරුර පොලිසිය සොයාගෙන ඇත්තේ.

එරට බලධාරීන් අදාළ සිදුවීම පිළිබඳව මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.