උපාධිය සම්පුර්ණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා - ඉෂානි

වර්තමානයේ විකාශය වන දිගු ටෙලි නාට්‍යය අතරේ ජනප්‍රිය ටෙලි නාට්‍යය බවට පත්ව තිබෙන දෙරණ රූපවාහිනි නාලිකාවේ ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘අරුණි’ ලෙස රංගනයෙන් දායක වෙන ඉෂානි විජේතුංග බොහෝ දෙනා අතර ජනප්‍රියව සිටින රංගන ශිල්පිනියකි. උදාවන නව වසරේ අලුත් බලාපොරොත්තු බොහෝමයක් පොදි බැඳගෙන සිටින ඉෂානි ඒ පිළිබඳව අපිට පැවසුවේ මෙවැනි අදහසකි.

මේ වසරේදී කලා කටයුතුවලට තමයි මුල්තැන දෙන්නේ. විශේෂයෙන්ම ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ රූපගත කිරිම්වලට. ඊට අමතරව තවත් වැඩ කිහිපයක් ලැබිලා තියෙනවා කරන්න. ඒවාත් තෝරා බේරාගෙන කරනවා මම. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. මේ වසරේදී තමයි මගේ උපාධිය සම්පුර්ණ කරන්න තියෙන්නේ. ඉතින් ඒ දේවල්වලටත් කලා කටයුතුවලට වගේම මුල්තැනක් දෙනවා.