පුද්ගලයින් 189 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර දී අනතුරට ලක් වූ ගුවන් යානයේ ප්රධාන කළු පෙට්ටිය සොයාගෙන තිබෙනවා. ඒ, මුහුදු පතුලේ අඩි 26ක් ගැඹුරු මඩ තට්ටුවක් තුළ සිරවී තිබියදීයි.
ගුවන් අනතුරට පෙර යානයේ ප්රධාන නියමුවා පාලක මැදිරිය අමතා යළි යානය ගොඩ බැස්සවීම සඳහා අවසර ඉල්ලා ඇති බවයි කළු පෙට්ටියේ මූලික දත්ත විශ්ලේෂණයක දී අනාවරණය වී ඇත්තේ.
එහෙත් ඉන් සුළු වේලාවකට පසු යානය හා පැවති සබඳතා බිඳ වැටී තිබුණා. ගුවන් යානයේ තාක්ෂණික ගැටළුවක් අනතුරට හේතු වන්නට ඇති බවටයි සැලකෙන්නේ.
ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ මෙලෙස අනතුරට ලක්වූයේ බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක්. යානය ගුවන්ගත වී විනාඩි 13කින් පසුව ගුවන් යානය පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණ වුයේ නැහැ.
189කට මරු කැඳවු ඉන්දුනීසියානු ගුවන් අනතුරේ අබිරහස එළියට
2019-01-13T23:38:00-08:00
Gossip Lanka Hot News
slide|