ලොව විශිෂ්ඨම නිර්මාණකරුවන් 30 දෙනෙකුගේ විශ්මිත නිර්මාණ පෙළ තවත් සති කිහිපයකින් දිය වී යන්න පෙර දැකගන්න - (Photos)

කලාව කියන දේ හැම කෙනෙකුටම පිහිටන්නේ නැහැ. නටන්න පුළුවන් කෙනාට ගයන්න බැහැ, රගන්න වගේම මුර්ති කැටයම්, චිත්‍ර වැනි දේ සදහා කෙනෙක් හැකියාවක් දක්වද්දී තවත් කෙනෙක් වෙනත් දෙයකට සමතෙක් වෙන්න පුළුවන්. මේ කියන්න යන්නේ අයිස් වලින් නිර්මාණ කරන නිර්මාණකරුවන් ගැනයි. කැනඩාවේ Edmonton කියන නගරයේ තිබෙන Hawrelak Park හි තමයි මේ අපුරූ අයිස් නිර්මාණ සිදු වෙන්නේ.
අයිස් නිර්මාණකරුවන් 30 එකතු වෙලා අඩි 40ක් උසැති අලංකාර ගොඩනැගිලි ,මාලිගා, ශිත බලකොටු කිහිපයක් නිර්මාණය කර තිබෙනවා.

මේ සදහා මිනිස් පැය 10,000ක් ඒ කියන්නේ සති හයක පමණ කාලයක් නිර්මාණකරණයට කාලය ගතව තිබෙන බවත් සදහන්. මේවා අතිශයින් අලංකාර නිර්මාණ නිසා බොහෝ දෙනෙක් එම උද්‍යානයට පැමිණ ඔවුන්ගේ දස්කම් නරඹනවා කියා විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

ඒ වගේම මෙම නිර්මාණ මාර්තු මස දක්වා තිබෙන බවත් මාර්තු මාසයේ අයිස් නිර්මාණ සැණකිලිය අවසන් වන බවත් සදහන්.
gossip lanka