විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ කාලසටහන එළි දැක්වේ

2020දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ කාලසටහන ඊයේ ඔස්ට්‍රේලියාවේදී එළි දැක්වුණා.

ලබන වසරේ පැවැත්වෙන තරඟාවලියේ පිරිමි අංශයේ තරඟාවලිය ඔක්තෝම්බර් 18 වැනිදා ආරම්භ නියමිතයි.

 කාන්තා අංශයේ තරඟාවලිය ආරම්භ වන්නේ ලබන වසරේ පෙබරවාරි 21 වැනිදායි.

ශ්‍රී ලංකා කණ්ඩායම පිරිමි අංශයේ තරඟාවලිය ආරම්භ කරමින් තරඟාවලිය පිවිසීමට නියමිතයි.

එය සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලැබීමේ තරගයක් වන අතර එය පැවැත්වෙන්නේ ලෝක කුසලානයට සුුසුකම් ලබා ගන්නා කණ්ඩායමකට එරෙහිවයි.

එම වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 3කට මුහුණ දීමට සිදුවනවා.

පිරිමි කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟාවලියේ සමස්ථ තරඟ 45ක් ඇතුළත් වනවා.

කාන්තා කණ්ඩායම් අතර තරඟාවලියේ සමස්ථ තරඟ 23කින් සමන්විතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය පැවැත්වෙන්නේ නවසීලන්තයට එරෙහිවයි.

පිරිමි සහ කාන්තා තරඟාවලි දෙකෙහිම අවසන් තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේයි.
gossip lanka