gossip lanka

පොලිස් චරිතය ලැබෙන්නෙ මගේ පෙනුමට වෙන්න ඇති - ගවින්ද

පුංචි තිරයේ මේ දිනවල කතා බහට ලක්වන චරිත අතර ගවින්ද නවරත්න කියන්නෙත් ඉදිරියෙන් සිටින චරිතයක්. ඒ නිසාම මෙවර සඳැල්ල කතාබහකට ඔහුව එකතු කරගන්න හිතුවා. ගවින්ද ඔහු ගැන සඳැල්ලට පැවසුවේ මෙලෙසින්.
මේ දිනවල අලූත් නිර්මාණ කිහිපයක දකින්න ඉන්නවා ?

ඔව්. මේ දිනවල මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය තුනක් විකාශය වෙනවා. රාජයෝගය, සිල්ලර සමණල්ලූ සහ ක‍්‍රයිම් සීන් ඊට අමතරව තවත් අලූත් නාට්‍ය දෙකක් පටන්ගෙන තියෙනවා. ඒ අතරින් ත‍්‍රිෂූල දීප තඹවිට අධ්‍යක්ෂණය කරන ‘‘සුද්දේ’’ ටෙලි නාට්‍ය හරහා වෙනස්ම චරිතයකින් දකින්න ඉන්නවා ඉදිරියේදි.

සිල්ලර සමණල්ලූ නාට්‍යයේ වෙනස්ම චරිතයකින් දකින්න ඉන්නවා?

ඔව්. එහි මම පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ චරිතයක් රඟපාන්නේ. ඇත්තටම මම රඟපෑ අනිත් චරිතත් එක්ක බලද්දී එහි ලොකු විශේෂත්වයක් තියෙනවා.

මීට පෙරත් ගවින්ද පොලිස් ස්ථානාධිපතිවරයෙක්ගේ චරිතයක් කළා නේද?

ඔව්. මේ දෙවනි අවස්ථාව. මීට පෙර කලූ කුරුල්ලා ටෙලි නිර්මාණය හරහා පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ චරිතයක් කළා. ඒත් ඊට වඩා සිල්ලර සමණල්ලූ නිර්මාණයේ පොලිස් නිලධාරියා වෙනස් කෙනෙක්. ගොඩක් වෙනස් සහ වගකීමකින් යුතුව කරන්න  ඕනෑ චරිතයක්. ඉතින් ලොකු වගකීමක් දරාගෙන පොලිසියටත් නින්දාවක් නොවන විදියට මේ චරිතය හොඳින් කරගන යනවා. ඇත්තටම මම නොහිතපු විදියට ප‍්‍රතිචාර තියෙනවා. මේ තරම් ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වුණේ නෑ. ඉතින් මඟතොටේ යද්දී බොහෝ දෙනෙක් මේ ගැන කතා කරනවා. ඒ ගැන සතුටක් තියෙනවා.

පොලිස් නිල අඳුම ඇඟට දාගත්තම මොනවගේ හැඟීමක්ද ඇති වුණේ?


ඇත්තටම ඒ ඇඳුම ඇඟට දැම්මම අමුතු ගැම්මක් එනවා. සහ අමුතුම පෞර්ෂත්වයක් හැදෙනවා. ඒ දේ කියන්න තේරෙන්නේ නෑ.

ඒ චරිත රංගනයේ යෙදෙද්දී කොහොමද?

මේ රංගනයේ යෙදෙන්න කළින් මේ පිළිබඳව  පොඩි හැදෑරීමක් අධ්‍යයනයක් කරලත් තියෙනවා. මම දන්න හඳුනන පොලිස් නිලධාරීනුත් ඉන්නවා. ඒ අයගේ යම් යම් දේවලූත් මම මේ චරිතයට හූරලා දාලා තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂවරුත් අනිවාර්යයෙන්ම මතක් කරන්න  ඕනෑ. මේ රංගනයන් කරද්දී අපිට ලොකු සහයෝගක් ලබාදෙනවා. කලූ කුරුල්ලා අධ්‍යක්ෂණය කළ ශිවගුරුනාදන් මහත්මයාටයි. සිල්ලර සමණල්ලූ නාට්‍යයේ අධ්‍යක්ෂ සංජය නිර්මාල්ටයි ස්තුති වන්ත වෙන්න  ඕනෑ

පොලිස් නිලධාරියෙකුගේ චරිතය වැඩිපුර ලැබෙනවා ඇත්තේ ඇයි?

මම හිතන්නේ මම රඟපෑ කලූ කුරුල්ලා ටෙලි නිර්මාණයේ සාර්ථකත්වය සහ මගේ තියෙන පෙනුම වෙන්න ඇති.

මීට අමතරව නියැළෙන චරිත ගැන කතා කළොත්?

ජයප‍්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා අධ්‍යක්ෂණය කළ රාජයෝගයේ මම වෙනස්ම චරිතයක් කරන්නේ. ඒ වතු ආශ‍්‍රිත පරිසරයක හැදෙන කොල්ලෙක්ගේ චරිතයක්. දියුණු වෙන්න උත්සාහ කරන, ඒ වගේම උදාර පල්ලියගුරු අධ්‍යක්ෂණය කරන ක‍්‍රයිම් සීන්හි මම ඇමැතිවරයෙකුගේ චරිතයක් කරන්නේ.

මේ වෙද්දී විවිධාකාර චරිතවලින් පේ‍්‍රක්ෂකයෝ අතරට ඇවිල්ලා ඉන්නවා නේද?

ඔව්. මේ වෙද්දී විවිධාකාර චරිතවලින් එන්න ලැබිලා තියෙනවා. මම ක්ෂේත‍්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 4ක් වෙනවා. ඒ අවුරුදු ගණන ඇතුළත මට දෙයක් කරන්න ලැබුණා. ඒ වෙනුවෙන් විශේෂයෙන් ස්තූති කරන්න  ඕනෑ චාමර සමරවික‍්‍රමට සහ ශිවගුරුනාදන් මහත්මයාට. ඔවුන් තමයි මට ගොඩක් උදව් කළේ. ඉදිරියෙදී මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය කිහිපයක්ම එන්නත් තියෙනවා. ඒ අතරින් සුද්දේ කියන්නේ අමුතුම කතාවක්. මම එහි දුෂ්ට චරිතයක් කරන්නේ. පේ‍්‍රක්ෂකයන්ට ලොකු වෙනසක් ඒ තුළින් දැකගන්න පුළුවන් වෙයි.

මේ තැනට එන්න ලොකු කැපකිරීමක් කරන්න ඇති?


අනිවාර්යයෙන්ම. කැපකිරීමක් කියන්නේ මම මේ ක්ෂේත‍්‍රයට එද්දී බස් එකේ එන්නවත් මගේ ළඟ සල්ලි තිබුණේ නෑ. කොළඹට ආවේ යාළුවෙක්ගෙන් රුපියල් 500ක් ඉල්ලගෙන. ඒ ඇවිල්ලා පුංචි පුංචි චරිත කරලා අවුරුදු ගානක් කට්ට කාලා මේ ඉන්න තැනට ආවේ. මේ වෙද්දී මම ලොකු දුරක් ඇවිල්ලා නෑ. ඒත් මේ තියලා තියෙන අඩිය මට ලොකුයි. මොකද හිටපු තැනත් එක්ක බලද්දී අද ඉන්න තැන ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්. මොකද මම බින්දුවෙ ඉඳන් ආපු කෙනෙක් නිසා.

නව අවුරුදු බලාපොරොතතු මොනවාද?


අලූත් වැඩ ටිකකට කතා කරලා තියෙනවා. ඒ අතරින් වේදිකාවටත් සිනමාවටත් සම්බන්ධ වෙන්න ආරාධනා තියෙනවා. ඒවාට පුළුවන් විදිහට සම්බන්ධ වෙලා කලාවෙන් ඉදිරියට ගිහින් හොඳ චරිත ඉදිරිපත් කරලා පේ‍්‍රක්ෂකයෝ පිනවමින් හොඳින් කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ධනු විජේරත්න
gossip lanka