තනතුර නැති කිරීමෙන් කෝපයට පත් හිටපු ආණ්ඩුකාරවරයා ජනපතිට පලිගසා ලංකාවේ සිවුකොන තුඩු හතරේ කොඩිවින වලලයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ආණ්ඩුකාර ධුරය අහිමි කලේ යයි කෝපයට පත්වී සිටින හිටපු ආණ්ඩුකාරවරයෙකු ජනාධිපතිවරයාට පලි ගසමින් ලංකාවේ සිව් කොනේ කොඩිවින වලලමින් මහා යාගයක් සූදානම් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව හිටපු ආණ්ඩුකාරවරයා ඉදිරි දින කිහිපය ඇතුලත දෙවුන්දර තුඩුව, පේදුරු තුඩුව, මුන්නේශ්වරම් කෝවිල, කෝනේශ්වරම් කෝවිල යන මෙරට ප‍්‍රසිද්ධි සිව් තුඩු වලදී ජනාධිපතිවරයාට පලි ගසා කොඩිවින වලදමමින් මෙම යාගයේ මූලික කටයුතු කිරීමට සූදානම් කර ඇත.
අදාල ආණ්ඩුකාර තැන අණවින කොඩිවින මෙන්ම නැකත් කේන්දර සදහාද ඉමහත් ප‍්‍රසිද්ධියක් උසුලයි.

-lankacnews