අසභ්‍ය වීඩියෝ පෙන්වා දියණියට ලිංගික අතවර කළ නරුම පියා

නිවසේ පුටුසැටියේ නිදා සිටි බාල වයස්කාර දියණියට නිරුවත් දර්ශන අඩංගු වීඩියෝ පෙන්වා ලිංගික අතවර සිදුකළ පියකු යළිත් මේ මස 8 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුලියාපිටිය මහෙස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය නියම කර තිබෙනවා.

උඩුබද්දාව, ප්‍රදේශයේ පියකු එලෙසින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබූ අතර වගඋත්තරකාර පියා බිරිදට ද පහර දෙන බවට චෝදනා එල්ලවී තිබෙන බවත් සදහන්.
පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අවස්ථා දෙකකදී එවන් අමිහිරි අත්දැකීම්වලට දැරිය මුහුණ පා ඇති බවයි. කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත දැරිය යොමුකළත් මෙතෙක් වෛද්‍ය වාර්තා ලැබී නොමැති බවත පොලිසිය සදහන් කරනවා.

වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥයින් කියාසිටියේ මෙම සිදුවීම 2016දී පමණ සිදුවූූවක් බැවින් බිරිදට පහරදීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සමථ වී මෙම නඩු අවසන් කරගෙන තිබූ බවත් මේ වනවිට කුමන පාර්ශවයක හෝ ඉගැන්නුම් බහකට නැවත සාවද්‍ය චෝදනාවක් දැරිය ලවා එල්ලකරන බවයි.

වින්ධිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් එම කරුණ ප්‍රතික්‍ෂේප කරමින් මෙම බිරිදට පහරදීම් ආදිය පිළිබදව පරීක්‍ෂණ කිරීමේදී අදාළ ලිංගික අතවරය සම්බන්ධයෙන් අනාවරණය වූවක් බවත් 2016 දී සැකකරුගේ සහෝදරියට දැරිය විසින් සිද්ධිය පවසා සහෝදරිය සැකකරුගෙන් ඒ බව විමසීමේදී ඒ මොහොතේ බීමතින් සිටි ඔහු තමන් අතින් එවැන්නක් සිදුවූ බව පිළිගත් බවත් අධිකරණයට දන්වා තිබෙන බවත් සදහන්.