වාහනයක් පදවාගෙන යන්න අමාරුම ලෝකෙ තියෙන අරුම පුදුම පාලම

ඔබ කවදාවත් හිතලා තියෙනවද roller coaster එකක යන අත්දැකීමක් තමන්ගේම වාහනයක වාඩිවෙලා ගන්න. එහෙම අත්දැකීමක් අපේ රටේදී ගන්න බැරි වුනාට ජපානේ නම් පුළුවන්.

ජපානයේ තියෙන Eshima Ohashi නම් පාලමේ යනකොට දැනෙන්නේ roller coaster එකක යනවා වගේ තමයි. කොයි තරම් පළපුරුදු රියදුරෙක් වුවත් මේ පාලමේ ගමන් කරන විට නම් ටිකක් බියකරු හැඟීමක් එන එකනම් සාමාන්‍ය දෙයක් .


ජපානයේ Matsue හා Sakaiminato නගර සම්බන්ධ කරන මේ පාලම කිලෝමීටර් 1.7ක් දිගින් හා මීටර් 11.3ක පළලකින් යුක්ත වේ. මෙය ලොකයේ දැඩි සැකැස්මක් සහිත තුන්වෙනි පාලම ලෙසද සැලකේ.

එම අපූරුතම පාලමේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප පහතින්.